Monday 18 February 2013

පිවිසුම


දවසක් මුහුනු පොතේ තිබුන ලින්කුවක් මාර්ගයෙන් හීනලන්තෙ පැත්තේ යන්න අවස්ථාවක් ලැබුනා. හරිම කුතුහලයකින් ගියේ මොනවාද තියෙන්නේ කියලා බලන්න. ඒකට ගියාට පස්සේ තමා තේරුණේ මේක නම් හීනලන්තෙකට ත් වඩා දැනුම්ලන්තයක් කියලා.

ඔහොම ටික දවසක් හීනලන්තෙ ඉන්නකොට ආගිය කතා යි, e - අටුවාව ගැනයි විස්තර දැනගන්න පුළුවන් වුනා. ඉතින් ඒ පැත්තට ගියාම තමයි තේරුණේ, මේකත් හීනලන්තෙ ට දෙවෙනි නෑ කියලා, ඓතිහාසික කරුණු වලින් පිරිලා.

මටත් හිතුනා මම දන්න කියන, අහලා තියෙන දේ බෙදා ගන්න බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා.

ඉතින්, නුදුටු දේ දකින්නටත්, දුටු දේ තව හොඳින් දකින්නටත්, "  කවුළු පියන්පතෙන් එහා " !


12 comments:

  1. සුබ පැතුම් ඔබේ බ්ලොග් කරණයේ ආරම්භයට..! හොඳ දෙයක්, වෙනස් දෙයක් ලියමු..ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ඔබේ සුභපැතුමට සහ දිරි ගැන්වීමට.

      Delete
  2. මමත් සුබ පතනවා.. අස්වැන්නට ඇවිති තැබූ සටහන ඔස්සේ තමයි මේ ආවේ..
    ඒන්න.. අපි ..හොද ගමනක් යමු.. ආනන්දයෙන් ප්‍රඥාව සොයමු.. ඔබට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට. පළමු ලිපිය ලියමින් පවතිනවා, තව දිනකින් හෝ දෙකකින් පළකළ හැකිවේවි.

      Delete
  3. මම මේක අදනෙ දැක්කෙ...

    හරිම සන්තෝසයි සහෝදරතුමා බ්ලොග්කරණයට සම්ප්‍රාප්ත වීම ගැන...

    දිගු ගමනක් යෑමට දහිරිය ශක්තිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී, ඕගොල්ලන්ගේ උදව් මේ ගමනේදී බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. සන්තෝෂයි සහෝදරතුමා. සුභ පැතුම් බ්ලොග් අවකාශයේ දිගු ගමනකට. ඒ වගේමයි ඔබතුමාගේ දැනුම බෙදා දෙන්න මේ මාධ්‍යය යොදා ගත්තු එක ගැනත් සතුටුයි.

    blog එක සින්ඩිකේටර්ස් කීපෙකට එකතු කරන්න.

    http://kottu.org/about
    http://syndi.lankeeya.lk/
    http://www.sinhalabloggers.com/

    ෆේස්බුක් එකේ තියෙන සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමූහ කීපෙකටත් මම ඔබතුමාව එකතු කරන්නම්. එතකොට අලුත් පෝස්ට් ගැන ඒ හරහාත් දැනුවත් කරන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත. මම සින්ඩිකේටර්ස් කීපයකට ඇතුල් කරන්නම්. ස්තූතියි ෆේස්බුක් එකට ඇතුල් කරලා ambassador කෙනෙක් වුනාට.

      Delete
    2. අපි වෙනුවෙන් අපි :)

      Delete
  5. මගෙත් සුබ පැතුම් ගිහාන්ට. එහෙම කතා කලාට කමක් නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි. කිසිම ප්‍රශ්නයක් නෑ.

      Delete
  6. දිග ගමනක් යන්න සුබ පැතුම්

    ගිහාන් දන්න දේවල් බෙදාගන්න මාත් එනව දිගටම.
    අදයි දැක්කෙ බ්ලොග් එක

    ReplyDelete