![]() |
https://www.physics.smu.edu/pseudo/Shroud/shroud.jpg |
අපි දැන් සිටින්නේ උත්ථාන සමයෙයි. ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්ථානයත් සමඟ බැඳී පවතින මැදපෙරදිග සහ යුරෝපයේ සියවස් ගණනාවක සිට ස්ථාන කිහිපයක තබා තිබූ, අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව් මැදූරේ තැන්පත් කර ඇති ඇණගැසුම් කෑ පුද්ගලයෙකුගේ රූපය සටහන් වී ඇති දිග සළුව ගැනයි මේ ලිපිය.
මොකද්ද මේ සළුව? කාවද මෙයින් ඔතා තිබුනේ?
කාලයක පටන්ම මේ සළුව ගැන විවිධ මතිමතාන්තර සමාජයේ ඇතිවුණ අතර විද්‍යාඥයින්, ඡායාරූප ශිල්පීන්, දේවධර්මාචාර්ය වරුන් ආදී මෙකී නොකී බොහෝ දෙනා මේ ගැන පරීක්ෂණ පවත්වා විවිධ අදහස් ප්‍රකාශ කර තිබේ. විද්‍යාඥයින්ට පවා මේ ගැන හරිහැටි පැහැදිලි කිරීමක් තවමත් කර ගැනීමට නොහැකිව තිබෙන අතර එක් දෙයක් පමණක් මොවුන් ස්ථීර වශයෙන්ම හඳුනාගෙන තිබේ. එනම් මෙම සළුව මත තින්ත හෝ පින්සල් පහරක් සටහන්ව නොමැති බවයි.
මෙම ශ්‍රී සළුව ඉතාලියේ ටියුරින් නුවරට ආවේ කොහොමද කියලා පැනයක් නඟින්න පුළුවන්. මෙහි වාර්තාගත ඉතිහාසය අපට සොයාගන්න පුළුවන් 14 වන සියවසෙන් පසුව වුවත්, ඓ්යතිහාසික, විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මඟින් මෙහි සැඟවුණ ඉතිහාසය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. ජෙරුසලමේ තිබූ මෙය එඩෙස්සා නුවරටත් (උර්ගා, තුර්කිය), එතැනින් කොන්ස්තන්තිනෝපලයේත් (ඉස්තාන්බුල්), ප්‍රංශය, ෂොම්බරි නුවර සහ අවසානයේ අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව්මැදූරේ තැන්පත් කර ඇත.
මීටර් 4.42 ක් දිග සහ මිටර 1.13 ක් පළල මෙම සළුව බොහෝ අය විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේව ගල්ලෙනෙහි තැන්පත් කරන්නට යොදාගත් සළුව කියායි. සියවසක් පමණ කාලයක් පුරාවට සිදූකල විවිධ පරීක්ෂණ මෙය යම්තාක් දූරට සනාථ කරවන බවටද කෙනෙක්ට කිව හැක. කෙසේ හෝ මෙතෙක් සිදූකළ පරීක්ෂණ වලින් අනාවරණය වන දෑ කිහිපයක් මා මෙහි සඳහන් කරන්නම්.
• මෙය චිත්‍රයක් නොවේ.
• මෙහි ඇති negative රූපය මෙම රෙදි කඩෙහි නිර්මාණය වී ඇත්තේ negative සහ positive රූප අතර වෙනස සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර නිසා මෙය මනුෂ්‍යයෙකුගේ නිර්මාණයක් විය නොහැක.
• මෙහි ඇති මනුෂ්‍ය රූපය negative ඡායාරූපයක් ලෙස සටහන් වී ඇතත්, මෙහි ඇති ලේ පැල්ලම් සාමාන්‍යය ලෙස සටහන් වී ඇත්තේ කෙලින්ම සළුව මත වැදීම නිසයි.
• මෙය මෘත ශරීරයක් මඟින් නිර්මාණය වී ඇතත් එම මෘත ශරීරය දිරා ගිය බවට කිසිඳු සලකුණක් එහි සටහන් වි නැත.
• අතේ සටහන් වී ඇත්තේ ඇඟිලි 4කි. වළලූකර හරහා ඇණ ගසන විට අසුවන නහර නිසා ඉබේම මාපටැඟිල්ල නැවේ. එම නිසා මාපටැඟිල්ල සළුවේ සටහන් වී නොමැත.
• ඇලයේ ඇති ලේ පැල්ලම සටහන් වි ඇත්තේ මෙම පුද්ගලයා මිය ගියාට පසු ඇතිවූ තුවාලයක් නිසායි.
• මෙහි සටහන් වී ඇති රුධීරය, මිනිස් රුධීරය වේ.
• නවින පරිගණක තාක්ෂණය මඟින් සිදූකල පරික්ෂණ වලින් අණාවරණය වන්නේ මෙම රෙදි කඩෙහි ඇති රූපය සාමාන්‍ය චිත්‍රයක් හෝ ඡායාරූපයක් ලෙස නොව ත්‍රිමාණ ආකාරයෙන් සටහන් වී ඇති බවයි.
• මෙහි තිබි සොයාගෙන ඇති පරාග වලින් සනාථ වන්නේ මෙම සළුව පලස්තීන, මැදපෙරදිග රටවල් වල තිබි ඇති බවයි.
මෙම කරුණු වලින් ඔබට මෙම සළුව ගැන යම් වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඒ වගේම මෙහි සටහන් වි ඇති සළකුණු වගේම මෙම රූපය අයිති පුද්ගලයා විඳි දූක් වේදනා පිළිබඳව සිදූකර ඇති පරීක්ෂණ වලින් අපට යම්කිසි නිඟමනයකට පැමිණිය හැකියි.
මෙහි සටහන් වී ඇති සළකුණු වර්ග 4ක් දැකිය හැකියි. ඒවා නම් මෙසේයි.
මෙම සළුව මත එකිනෙකට සමාන්තරව විහිදෙන තද පැහැති ඉරි දෙකක්ද, ඒවා අසල ත්‍රිකෝණාකාර සිදූරු 29ක්ද දැකිය හැකියි. මෙම සලකුණු ඇතිව තිබෙන්නේ 1532 වසරෙ§ මෙම ශ්‍රී සළුව තැන්පත් කර තිබූ ෂෝම්බරි හි දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් මෙය තිබූ රිදී මංජුසාව උණුවී එම රිදී මෙම සළුව මත වැටීමෙනි.
1532 වසරෙ§ ඇති වූ ගින්න නිවීමට යොදාගත් ජලය නිසා මෙම සළකුණු ඇතිවී තිබේ.
මෙම සළුව පුරා මිනිසෙකුගේ ඉදිරිපස සහ පිටුපස සම්පූර්ණයෙන් ම සටහන් වී ඇත. දූඹුරු පැහැයෙන් සටහන් වී ඇති මෙම රූපයේ සමහර තැන් තද පැහැයෙන් සහ අනෙක් තැන් ලා පැහැයෙන් සටහන් වී ඇත. තද පැහැයෙන් සටහන් වී ඇත්තේ නලල, නාසය, නිකට, පපුව ආදී සළුවට ස්පර්ශ වී තිබූ ස්ථානයි. අනෙක් ස්ථාන ලා පැහැයෙන් සටහන් වී ඇත. මෙම පුද්ගලයා සෙ.මී. 170 ට වඩා උස පුද්ගලයෙකු ලෙස සඳහන් වේ.
මෙම සලකුණු ඇතිව තිබෙන්නේ මෙම පුද්ගලයාගේ ශරීරයේ තිබූ තුවාලයන් සෘජුවම මෙම සළුවට ස්පර්ෂ වීමෙනුයි. මෙම සලකුණු සිරුරේ නළල, බෙල්ල, අත්, පාද, දකුණු ඇලය, පිට ආදී පෙදෙස් වල දැකිය හැකිය.
මෙම සියළු කරුණු සලකා බලන විට සහ මෙම පුද්ගලයා අත් විඳි දූක් වේදනා සලකා බලන විට කතෝලිකයන් ලෙස අපිට මෙය ජේසුස් වහන්සේව ඔතා තිබූ සළුව ලෙස සිතීම වැළැක්විය නොහැක. එසේම මෙම සිරි සළුව අපට ජේසුස් වහන්සේගේ දූක් විඳීම, මරණය ගැන ඉතා හොඳ වැටහීමක් ලබාදේ. වඩාත් විශේෂිත දේ නම් මෙය අපට ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව ඇති හොඳම සාක්ෂිය වීමයි.
ආශ්රිත ග්රන්ථ:
- දොම්. නිරන්ජන් විජේරත්න සා.බෙ.නි. පියනම, "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන ප්‍රකාශන, මොන්ටිෆානෝ, අම්පිටිය, 2001.
- Gian Maria Zaccone, "La Sindone: Storia di una immagine", Figlie di san Paolo, Milano, 2010.
- Lamberto Schiatti, "Le Saint Suaire", Ed. Paoline, Paris, 1983.
- "The Turin Shroud", Cattedrale di Torino (Leaflet)
මේ දවස් වල මේ සලුව ප්‍රදර්ශනයට තබලා තියෙන්නේ,,ටියුරින් නුවරට විශාල ජනකායක් යනවා දවස ගානේ,,ස්තූතී ගිහාන් සහෝදරතුමා විස්තර වලට,,ගොඩක් කාලෙකින් පෝස්ට් එකක්
ReplyDeleteස්තූහියි ඩිලාන් අදහස් දැක්වීමට. ඔව්, මම මේ ලිපිය ලිව්වේ ඒ නිසා තමා. තව ලිපි දෙකක් විතර තියනවා භාගෙට ලියලා, ඉක්මනට දාන්න බලන්නම්.
Deleteහොඳ විස්තරයක්
ReplyDeleteඅලුත් තොරතුරු
ස්තූතියි ඔබට
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteඅර මරිය මග්දලේනා මුහුන පිස දැමූ විට, ඒකෙත් ශ්‍රී මුහුන සටහන් වුනා කියනවා නේද ? මම අහලා තිබුනේ ඒ රෙදි කඩ තියනවා කියලයි. මේක මටත් අලුත්ම තොරතුරක්..
ReplyDeleteඒත් තවම මේක ක්‍රිස්තු තුමන්ව ඔතලා තිබුනු එක කියලා නිළ පිළිගැනීමක් නෑ නේද ?
වෙරෝනිකා මුහුණ පිස දාපු රෙදිකඩ ගැන වෙන්න ඇති සෙන්නා කියන්නේ. ඒක තියනවා කියනවා, මම දැකලා නෑ ඒක. ඒ හින්දා හරියට මොකුත් කියන්න බෑ.
Deleteමේකට තාම නිළ පිළිගැනීමක් නෑ. හැබැයි නොනිළ වශයෙන් පිළිගැනීමට ලක් වෙලා තියෙනවා.
මේ site එකේ තියෙනවා මේක ගැන කරපු පරීක්ෂණ සේරම
Deleteයුදෙව් සම්ප්‍රදායට අනුව මෘත දේහයක් තැන්පත් කලේ සිහින් හන රෙදි වලින් ඔතලයි. බයිබලයේ තිබෙන ආකාරයට "ලාසරුස්" දේහය සිහින් රෙදි පටි වලින් ඔතා තිබූ බව පැවසෙන අතර යේසුස් ක්‍රිස්තුස්වත් ඒ ආකාරයටම සිහින් හණ රෙදි වලින් වෙළුැ බවයි සඳහන් වන්නේ (යොහාන් 11:44; 19:39,40)
ReplyDeleteඑමෙන්ම යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය කොටස් 4කට නොබෙදා එය තනිව අයිති කරගන්න හේවායො දාදු දැමූ ආකාරයෙන් පැහැදිලි වෙනව කොච්චර රෙදි හිඟද ඒ කාලෙ කියල. ඉතින් එම නිසා සම්පූර්ණ් රෙද්දකින් නොව රෙදි පටි වලින් මල මිනී වෙලපු බව පිලිගත හැකි වෙනවා.
ඔබ කියන කතාව හරි. ඒ කාලේ රෙදි වලින් ඔතලා තමා මෘත ශරීර තැන්පත් කරලා තිබෙන්නේ. ඒ වගේම රෙදි හිඟයක් (වැඩි ඉල්ලුමක්) තිබූ බවත් සඳහන්. ජේසුස් වහන්සේ ගේ සිද්ධියේ දී පරීක්ෂණ කරලා පිළිගන්න දෙයක් තමා, ජේසුස් වහන්සේව ඔතන්න අන්තිම රාත්‍රී භෝජනයට මේසෙට යොදා ගත්ත රෙදි කඩ ගත්තා කියලා. ඒකට හේතුව හැටියට කියන්නේ; සබත ලඟ නිසා රෙදි සොයාගැනීමට ඇති අපහසුව, ඒ වගේම ඒ රෙදි කඩේ තිබී සොයාගන්නා ලද මිදි යුෂ සළකුණු.
Deleteකොහොම වුනත් මේක කතෝලික සභාවෙන් තාම නිළ වශයෙන් පිළි අරගෙන නෑ.
මේ site එකේ තියෙනවා මේක ගැන කරපු පරීක්ෂණ සේරම
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
attatamma vatinava
ReplyDeleteබොහෝම ස්තූතියි
Delete