Sunday 31 March 2013

අපට ලැබුණ පාප්තුමා



16 වන බෙනඩික්ට් සුදතුම් පියාගේ ඉසිඹු ලැබීමත් සමඟ සියළු දෙනාම බලා සිටියේ කවදාද මීලඟ පාප්තුමාව පත්කරන්නේ කියලා. අනුව කාර්දිනල් මඩුල්ල, සුදොතුම් පිය වරණ දැහැන 2013 වසරේ මාර්තු මස 12 වන දින පවත්වන්නට තීරණය කළා.

මේ අනුව කවුරුත් බලා සිටිය දිනය උදාවුණා. 12 වන දින උදේ වරුවේ සුදොතුම් පිය වරණ දැහැනට  පෙර පවත්වන විශේෂ දේව මෙහෙය (Pro eligendo Pontifice) වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ දී, කාර්දිනල් මඬුල්ලේ ප්රධානියා වන අන්ජෙලෝ සොදානෝ කාර්දිනල් තුමාගේ ප්රධානත්වයෙන් සිදුවුණා.


Pro eligendo Pontifice මෙහෙය


එදින සවස් වරුවේ ප්රථම ඡන්ද වටය පවත්වන්නට නියමව තිබුනා. අනුව ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබූ කාර්දිනල්වරු 115 දෙනා (සුදුසුකම නම් වයස අවුරුදු 80 අඩු කාර්දිනල් වරයකු වීමයි) වතිකානුව තුළ පිහිටි ශාන්ත පාවුළු දේවස්ථානයේ යැදුම් මෙහෙයකට සහභාගි වී පෙරහැරෙන් සුදොතුම් පිය වරණ දැහැන සඳහා රහස් සම්මුති සභාව (Conclave) පැවැත්වෙන සිස්ටයින් දේවස්ථානය කරා ගමන් කළා. ඉන්පසු එක් එක් කාර්දිනල් තුමන් දේව වාක් ප්රකාශයක් මත අත තබා සාධාරණව සුදොතුම් පිය වරණ දැහැනට සහභාගි වන බවට ප්රතිඥා දෙනවා. සියළු දෙනාම දිවුරුම් දී අවසන් වූ පසු වතිකානුවේ ජනවන්දනාව භාර ප්රධාන පියතුමා "Extra Omnes" කීමත් සමඟ සුදොතුම් පිය වරණ දැහැනට සම්බන්ධ නොවන, එනම් කාර්දිනල් වරු 115 දෙනාට අමතර සියළු දෙනාම සිස්ටයින් දේවස්ථානයෙන් පිටවෙනවා. ඉන්පසු පෙර කී පියතුමා සිස්ටයින් දේවස්ථානයට ඇතුල්වන ප්රධාන දොරටුව වසා දැමීමත් සමඟ සුදොතුම් පිය වරණ දැහැනේ රහස් සම්මුති සභාව ආරම්භ වෙනවා. (Conclave වදන පැමිණුනේ ලතින් භාෂාවේ cum clave එනම් with a keyයන වදනිනි. සිංහල භාෂවෙන් එය 'අගුළු දැමූ' යන අරුතක් ගෙන එනවා.)



මෙසේ සුදොතුම් පිය වරණ දැහැනේ පළමු වටය ආරම්භ වීමත් සමඟ වතිකානුවේ රැස්ව සිටි දහස් සංඛ්යාත ජනතාවගේ දෑස් යොමුව තිබුනේ සිස්ටයින් දේවස්ථානයේ වහල මත සවි කර තිබූ දුම් කවුළුව වෙතටයි. ඉතාලි වේලාවෙන් සවස 7.40 පමණ දුම් කවුළුවෙන් කලු දුම් පිටවීමත් සමඟ ජනතාව දැනගත්තා පළමු වටයෙන් කවුරුන් හෝ 2/3 ප්රතිශතයක් ලබා නොමැති බව. ඉතින් නව පාප්තුමකු දැක ගැනීම දවසකින් කල් දාන්න සැමටම සිදුවුනා.

මුළු කතෝලික සභාවටම වැදගත් වුන මාර්තු 13 වන දිනය උදාවුනා. සමහර පුද්ගලයන් නවක පාප්තුමකු අපේක්ෂාවෙන් උදයේ සිටම වතිකානුවට රොක් වී සිටියා. නමුත් පෙ.. 11.40 පමණ පිටවූ කලු දුමත් සමඟ වතිකානුවට රැස්වූ ජනතාවට සහ ලොව වටා සිටින කතෝලිකයන්ට  නැවතත් සංඥා කළේ නවක පාප් තුමකු පත් නොවූ බවයි

මෙසේ වට 3 කට පසුවද පාප්තුමකු පත් නොවූ නිසා බොහෝ දෙනා සිතුවා එදින සවස් වරුවේ හෝ පසුදින උදය වරුවේ හෝ නවක පාප්තුමකු පත්වේවි කියා. මේ බලාපොරොත්තුව මත මමත් සවස 4 පමණ වන විට වතිකානුවට පැමිණුනා. මොහොත වන විට වර්ෂාවක් පතිත වෙමින් තිබුනත් පැමිණි පිරිස් කුඩ ඔසවාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ සවස 5 ත් 6 ත් අතර සුදු දුම දකින්න ලැබේදෝ කියා. නමුත් 4 වන වටයෙන්ද ප්රථිඵලයක් ලැබූ බවක් පෙනෙන්නට නොතිබුනා

ඊටපසු සියල්ලන්ගේ දෑස් යොමු වී තිබුනේ සාන්ත පීතර බැසිලිකාවට දකුණු පසින් සිස්ටයින් දේවස්ථානයේ වහල මත සවි කර තිබූ දුම් කවුළුවට සහ බැසිලිකාවේ වම් පස ඔරලෝසුව වෙතටයි. මේ අතර සවස 7 පසුවී සුළු මොහොතකින් සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුම් රොද ඉහල නඟිනවාත් සමඟම රැස්ව සිටි  ජනයා ඔල්වරසන් දෙන්නට වුනා. ඒත් සමඟම මෙතරම් වෙලාවක් තිබුණ වැස්සද පහවුනා.



දැන් සියළු දෙනාටම ඇතිවූ ප්රශ්නය තමා කවුද පාප් ධූරයට පත්වුනේ කියන එක. සුදු දුම පිටවී පැයකට පමණ පසු ප්රංශ ජාතික ජන් ලුවි තවුරොං කාර්දිනල් (Jean-Louis Tauron) හිමිපාණන් ANNUNTIO VOBIS GAUDIUM MAGNUM HABEMUS PAPAM (විශාල ප්‍රීතියකින් ඔබට දන්වන්නේ, අපට පාප් තුමකු ලැබී තිබේ) කියා පවසා, ආර්ජන්ටිනාවේ බුඑනොස් අයිරෙස් හී අගරදගුරු අති උතුම් හෝර්ජේ මාරියෝ බෙර්ගෝලියෝ කාර්දිනල් හිමිපාණන්, ප්රැන්සිස් නමින් පාප් ධූරයට පත්වී ඇති බව ප්රකාශ කිරීමත් සමඟ නැවතත් රැස්ව සිටි ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගත්තා

ඉන්පසු සුළු මොහොතකින් සාන්ත පීතර බැසිලිකාවේ සඳළු තලයට පැමිණි නවක සුදොතුම් පියා ජනතාවට ආචාර කර, සුළු දෙසුමක් පවත්වා, තමන්ගේ ප්රථම අපෝස්තලික ආශිර්වාදය (Urbi et Orbi) ජනතාවට ලබා දුන්නා. එම අපෝස්තලික ආශිර්වාදය ලබා දීමට පෙර එතුමා කළ විශේෂ දෙයක් වුනේ, විශ්රාමික සුදොතුම් පියා වෙනුවෙන් සහ එතුමා වෙනුවෙන් රැස්ව සිටි ජනතාවට යාච්ඤා කරන්න යයි ඉල්ලීමයි



දැන් බලමු මේ නවක පාප් තුමාගේ වතගොත ටිකක්.

1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුඑනොස් අයිරෙස් හී දී ඉතාලි සංක්රමණිකයන් වන මාරියෝ හෝසේ බෙර්ගෝලියෝ සහ රෙජිනා මරියා සිවෝරි දාව හෝර්ජේ මාරියෝ බෙර්ගෝලියෝ උපත ලැබුවා

සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සමඟ හැදී වැඩුණු, රසායන විද්යා උපාධිධාරියකු වන මෙතුමා 1958 මාර්තු මස 11 වන දින ජේසු නිකායට බැඳී පූජකයකු වීමට කටයුතු කරනවාදර්ශනවාදය සහ දේවධර්මය හදාරණ මෙතුමා 1969 දෙසැම්බර් 13 වන දින රමෝන් හෝසේ කාස්තෙල්ලානෝ  (Ramon José Castellano) අගරදගුරුතුමා මඟින් පූජක වරම් ලබා ගන්නවා.
පවුලේ අය සමඟ


මෙතුමා ගේ තිබූ නායකත්ව ගුණාංග නිසාම 1973 වර්ශයේ දී ආර්ජන්ටීනා ජේසු නිකායික ප්රාදේශාධිපති ලෙස පත්වෙනවා. 1979 දක්වා එම තනතුරේ කටයුතු කරන එතුමා 1980 දී සාන්ත මිගෙල් දෙව්සත්හලේ අධ්‍යක්ෂ ලෙස පත්වෙනවා.

1992 වර්ශයේ දී බුඑනොස් අයිරෙස් හී සහයක රදගුරු ලෙස අභිසෙස් ලබන මෙතුමා 1997 ජූනි මස 3 වන දින එම පදවියේම යුවරදගුරු ධූරයට පත් වෙනවා. කුවාරන්සිනෝ කාර්දිනල් තුමා ගේ (Cardinal Quarrancino) අභාවයත් සමඟ 1998 දී බුඑනොස් අයිරෙස් පදවියේ අගරදගුරු ලෙස පත්වෙනවා.

2001 පෙබරවාරි 21 වැනිදා භාග්යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදොතුම් පියා විසින් කාර්දිනල් වරයට ඔසවන ලද අතර, දේව වන්දනාව සහ සක්රමේන්තු විනය පිළිබඳ සසුන් කොමිසමේත්, පූජක වරුන් පිළිබඳ සසුන් කොමිසමේත්, අපෝස්තලික ජීවිත සංගම්වල සහ ආලේපලත් ආයතන පිළිබඳ සසුන් කොමිසමේත්, පවුල් පිළිබඳ සසුන් කොමිසමේ සහ ලතින් අමරිකානු කොමිසමේත් සාමාජිකත්වය දැරුවා.
කාර්දිනල් ධූරය ලබමින්


කාර්දිනල් වරයකු ලෙස ඉතා සරළ දිවි පෙවතක් ගත කළ මෙතුමා සාමාන් නිවසක ජීවත් වෙමින්, පොදු ප්රවාහන සේවා භාවිතා කරමින්, තමා ගේ කෑම බීම පවා තමා විසින්ම සකසා ගත්තා. ගබ්සාව, අනායාස මරණය, මරණ දඬුවම, සම ලිංගික විවාහ වැනි ක්රියාවන්ට මෙතුමා දැඩි ලෙස විරුද්ධ වුනා.

පාප් ධූරය ලැබීමෙන් පසු මෙතුමා ගේ දිවි පෙවෙතේ එතරම් වෙනසක් සිදුවී නෑ. මාර්තු මස 13 වන දින පාප් ධූරයට පත් වී ජනතාවට ආචාර කරන්න පැමිණුන විට සාමාන් සුදු ලෝගුවෙන් පමණක් සැරසී, පාප්තුමකු පළදින රත්තරන් කුරුසය වෙනුවට, කාර්දිනල් වරයකු ලෙස පැළඳි රිදී කුරුසයම පැළඳගෙන පැමිණීම කාගෙත් පැසසුමට ලක්වුණා.

පසුදින මරිය තුමිය ගේ දේවස්ථානයට යාමට පාප්තුමා ගේ නිල රථය සූදානම් කර තිබෙන විටත්, එය ප්රතික්ෂේප කර අනෙක් කාර්දිනල් වරුන් සමඟ ඔවුන් ගමන් ගත් බස් රථයේම ගමන් කිරීමත් නැවත එන විට රෝමයේ එතුමා නැවතී සිටි ස්ථානයට ගොස් බිල ගෙවීමත් විශේෂ සිදුවීම්.




මාධ්යවේදීන් හමුවූ මොහොතේ, ප්රැන්සිස් නාමය ගැනීමට හේතුව එතුමා පැවසුවා. සුදොතුම් පිය වරණ දැහැනේ පස්වන වටයේ මෙතුමාට 2/3 ඡන්ද ප්රතිශතයක් ලැබෙන බව පෙනෙන විට, එතුමා අසල සිටි බ්රසීලියානු ජාතික ක්ලවුදියෝ හුම්මෙස් (Claudio Hummes) කාර්දිනල් තුමා මෙතුමාට සුභ පතා දුප්පතුන් අමතක නොකරන්න යයි ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම ප්රැන්සිස් නාමය ගැනීමට හේතු වූ බවයි එතුමා කියන්නේ. අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිතුමා ගේ දර්ශනය පෙරදැරි කරගෙනයි.

මාර්තු මස 19 වන දින පැවැත් වූ පදවි ප්රාප්ත දේව මෙහෙයේ දී පාප් පැල්ලියම (Papal Pallium) මෙන්ම ධීවර මුදුව (Fisherman's ring) මෙතුමාට ලැබුනා. මෙම මුදුවේ විශේෂත්වය නම් එය රිදී ලෝහයෙන් සාදවා තිබීමත්, එය ප්රධාන වශයෙන් 6 වන පාවුළු පාප් වහන්සේට එන්රිකෝ මන්ෆ්රිනි නම් නිර්මාණකරුවා විසින් සැළසුම් කර තිබුනත්, එතුමා එය භාවිතා කර නොතිබීමයි. 6 වන පාවුළු පාප්තුමා භාවිතා කර ඇත්තේ වෙනත් නිර්මාණයක් සහිත මුදුවකි.

තව විශේෂිත සිදුවීමක් නම් මෙතුමා වතිකානුවේ සාමාන් සේවකයන් සඳහා දිව් පූජාවක් පැවැත්වීමයි. දැන් දැනගන්නට ලැබෙන ආකාරයට මෙතුමා නිල පාප් නවාතැන වෙනුවට, සුදොතුම් පිය වරණ දැහැන වෙනුවෙන් පැවති රහස් සම්මුති සභාව පැවති කාලයේ දී නවාතැන් ගත් Domus Sanctae Martae (දෝමුස් සාන්තේ මාර්තේ) හී කාමරයේම රැඳී සිටිනා බවයි.
වතිකානුවේ සේවකයන් ගේ දිව්‍ය පූජාවට පෙර


මාර්තු මස 23 වන සෙනසුරාදා තවත් සුවිශේෂ සිදුවීමක් වුණා. එනම් පාප් වරු දෙදෙනෙක් එකවර මුණගැසීම. වසර 600 කට පමණ පසු සිදු වූ මෙම සිදුවීම මෙම කාල වකවානුවේ ජීවත් වූ සියළු දෙනාටම සුවිශේෂයි. ප්රැන්සිස් පාප් තුමා විශ්රාමික 16 වන බෙනඩික්ට් පාප්තුමා මුණ ගැසී, එතුමාත් සමඟ එදින දහවල් ආහාරය ගත්තා. පහත වීඩියෝවෙන් එම හමුවීම දැක බලාගන්න පුළුවන්.



අවසාන වශයෙන් ප්රැන්සිස් පාප්තුමාගේ නිල ලාංඡනය පිළිබඳව කරුණු දක්වා මෙම ලිපිය අවසන් කරනවා.


නිල් පැහැති පළිහ තුළ ඉහලින්ම පාප් තුමාගේ නිකායේ, එනම් ජේසු නිකායේ ලාංඡනය දැක්වෙන අතර එහි H අකුර මත කුරුසයද, ඊට පහලින් ජේසුස් වහන්සේව ඇණ ගැසූ ඇණ 3 ද දැක්වෙනවා. පහලින් එක් පසක දැක්වෙන තරුවෙන් දේව මාතාවන්ව ද, නාඩ් මලින් ශුද්ධවූ ජුසේ මුනිතුමාව ද නිරූපණය කෙරෙනවා. මෙමඟින් දේව මාතාවන්ට සහ ජුසේ මුනිදුන්ට මෙතුමා ගේ ඇති භක්තිය පෙන්නුම් කෙරෙනවා.


මූලාශ්‍ර:

  • ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත 2013-03-17
  • http://en.wikipedia.org/wiki/Pope_Francis

ප.ලි.: මේ ලිපිය ලියන්න මූලික වුනේ හසිත ගේ සහ හරී ගේ ඉල්ලීමයි. ලිපිය බ්ලොග් අඩවියට එක් කරන්න සතියක් පමණ ප්‍රමාද වුනා. කොහොම හරි ඒ අතර ඩිලාන් පාප් වහන්සේ ගැන ලිපියක් පළ කරලා තිබුනා. මෙතනින් ගිහිල්ලා හරී ලියලා තියන පාප් වහන්සේ ලිපි වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

16 comments:

  1. //..කාර්දිනල් මඬුල්ලේ ප්‍රධානියා වන අන්ජෙලෝ සොදානෝ කාර්දිනල් තුමාගේ ප්‍රධානත්වයෙන්...//

    මේ පත්කිරීම සිදු කරන්නේ පාප්තුමාද ?

    //..වතිකානුවේ ජනවන්දනාව භාර ප්‍රධාන පියතුමා...//

    කාමිලැංගෝ පියතුමා කියන්නේ මෙයාටමද ?

    //..තමන්ගේ ප්‍රථම අපෝස්තලික ආශිර්වාදය...// ???

    පාප්තුමාගේ ලාංඡනයේ ලතින්වලින් තියෙන වැකියේ තේරුම මොකක්ද ?

    ස්තුතියි සහෝදරතුමා අපිවත් මතක් කළාට :)

    ReplyDelete
    Replies
    1. //මේ පත්කිරීම සිදු කරන්නේ පාප්තුමාද ? //

      මේ තනතුර ලැබෙන්නේ කාර්දිනල් මඬුල්ලේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයාටයි. එම තනතුරට කාලසීමාවක් නෑ. මියයනතුරුම ඉන්න පුළුවන්.

      //කාමිලැංගෝ පියතුමා කියන්නේ මෙයාටමද ? //

      නැහැ, කමෙර්ලෙංගෝ තනතුර ලැබෙන්නේ කාර්දිනල් වරයෙක්ටයි. ඔහු තමා වතිකානුවේ දේපල භාරව ඉන්නේ.

      ජනවන්දනාව භාර ප්‍රධාන පියතුමා බලන්නේ දිව්‍ය පූජාව, ආගමීක වතාවත් ආදියයි. බොහෝ වෙලාවට මොහු රෝස පැහැති ලෝගුවකින් පාප්තුමා ලඟින්ම දකින්න පුළුවන්.

      //..තමන්ගේ ප්‍රථම අපෝස්තලික ආශිර්වාදය...// ???

      පාප් ධූරයට පත්වුනාට පස්සේ ජනතාවව ආශිර්වාද කිරීමයි මෙතනින් කියවෙන්නේ. ඒක කරන්නේ දකුණු අතින් කුරුස ලකුන ඇඳීමෙනුයි.

      //පාප්තුමාගේ ලාංඡනයේ ලතින්වලින් තියෙන වැකියේ තේරුම මොකක්ද ? //

      'දයාව කරුණාව ඇතිව තෝරගත්තා'

      //ස්තුතියි සහෝදරතුමා අපිවත් මතක් කළාට :)//

      ස්තූතියි මේ ලිපිය ලියන්න මාව යොමුකළාට.

      Delete
    2. ස්තුතියි සහෝදරතුමා පිළිතුරුවලට :)

      Delete
  2. 1. ඔබතුමා සිංහල ලියන්නේ කොහොමද? මේ ප්‍රශ්නය මම ඇහුවෙ තැන තැන දුටු ව්‍යාකරණ දෝශ ඔබතුමාගේ වැරැද්දක් නොව භාවිතා කරන ක්‍රමයේ වැරැද්දක් බව පෙනුන නිසයි.. (ප්රකාශ ආදී තැන්)
    ඉක්මන් විසඳුමක් ලෙස පහත ක්‍රමය භාවිතා කර බලන්න..

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    2. ඔබතුමාත් නවක පාප්තුමා පත්වෙන අවස්ථාවේ එතැන රැඳී සිටියාද? ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීමුත් එක් කළා නම් ලිපිය තව තවත් රසවත් වේවි..

    3. මෙදා කවුළුවලින් දුම් පිටකිරීමේදී යම් දෝෂ සහගත තත්වයක් ඇතිවූ බව මම කියවූවා.. එහෙම දෙයක් උනාද? එක පාර කළු දුමයි සුදු දුමයි දෙකක් ගියා වගේ දෙයක්..

    4. අනිත් කාරණේ තමයි කොන්ක්ලේව් එක යන අතරමඟදි අපේ කාදිනල් තුම දැන් අහවල් ස්ථානයේ.. දැන් මේ ස්ථානයේ කිය කිය මෙහෙ පුවත්පත්වල, හා සිංහල වෙබ් අඩවිවල ගියා.. මම දන්න තරමින් කොන්ක්ලෙව් එකේ ප්‍රතිඵල ඉතාම රහසිගතයි.. ඒ විදිහට පළවූ වාර්තා බොරු නේද?
    අනික් කාරණාව ඒ ප්‍රතිඵල පසුවවත් ප්‍රකාශ කරන්නේ නෑ නේද?

    5. පාප්තුමා සම්ප්‍රදායන් බොහෝමයක් වෙනස් කරමින් යන පාටයි.. පෞද්ගලිකව මම නම් ඒ ගැන එච්චර යහපත් ආකල්පයක් නෙමෙයි දරන්නෙ.. පාප්තුමාගේ ඔයවැනි වැඩ වලින් තවත් දේශපාලකයෙක් තත්වෙට වැටෙන බවයි මට පේන්නෙ.. (මගේ පෞද්ගලික මතය :))

    6. මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ පාද ධෝවනය කළබවත් ආරංචි උනා. එය කාන්තා පූජකවරියන් බිහිවීමේ ලකුණක් වෙයිද?

    7. "මෙම ඉල්ලීම ප්‍රැන්සිස් නාමය ගැනීමට හේතු වූ බවයි එතුමා කියන්නේ." කතෝලික සභාවම අනික් පැත්ත හරවන තීරණයක් ඔච්චර ඉක්මනට ගත්තද?

    8. "ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත 2013-03-17" රෝමයටත් ලැබෙනවද?

    9. ඉල්ලීම ඉටු කළාට ගොඩාක් ස්තුතියි. රසවත් ලිපියක්.. පෞද්ගලික අත්දැකීම් ටිකාක් එකතු කරන්ටයි තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. මෙයා ප්‍රශ්න පත්තරයක්නේ...:D

      Delete
    2. 1. මේක වුණේ මම බ්ලොග් එක ටයිප් කරන්නේ offline තියාගෙන, backup එක word document එකක තියාගෙන. ටයිප් කරන එක word එකට දාද්දි ඔය විදිහට එනවා. හදිසියේ කොම්පියුටර් එක restart කරන්න වුනා. එතකොට offline ටික ගියා. backup එකෙන් තමා post එක දැම්මේ. ඒකයි මේ හේතුව. මට ඒවා ටික හදන්න බැරිවුණා.

      2. ඔව්. ඒ අත්දැකීම නම් කොහොම විස්තර කරන්නද කියලා මට හිතාගන්න බෑ. ඒ අත්දැකීම විඳලම බලන්න ඕනා. ඇත්තටම සුදු දුම යද්දි මට ඇඬුණා.

      3. සුදු දුම ගිය පාර පටන් ගත්තේ කලු දුම පොඩ්ඩක් ගිහිල්ලයි. මම දාලා තියන වීඩියෝ එකේ ඒක තියනවා. මම හිතන්නේ ඒකට වෙන්න ඇති ඔහොම කියන්නේ.

      4. ඒ වගේ ප්‍රකාශ කරන්න බෑ. ඒවා ඇත්තද බොරුද කියන්න මම දන්නෙත් නෑනේ.

      5. මම නම් එතරම් ඒක ගැන හිතන්නේ නෑ. සමහර විට ටික කාලයක් ගිහිල්ලා වෙනස්කම් කළොත් සමහරු කියයි, ඇයි මෙච්චර දවසක් කරලා දැන් වෙනස් කරන්නේ කියලා. ඒක හින්දා ධූරකාලය පටන් ගද්දිම වෙනස්කම් සහිතව පටන් ගන්න එක හොඳයි කියලා හිතනවා.
      අනෙක් එක මේ වගේ වෙනස්කම් ඇතිවීම අළුත් දෙයක් නෙමේ. මට මතක විදිහට 23 ජුවාම් පාප් තුමා තමා වතිකානුවෙන් එලියට ගිහිල්ලා තියෙන්නේ. 6 වන පාවුළු පාප්තුමා ඉතාලියෙන් පිටතට ගියා (ලංකාවටත් ආවා), 1 වන ජුවාම් පාවුළු පාප්තුමා ඔටුණු පැළඳීම නැවැත්වූවා, 16 වන බෙනඩික්ට් පාප්තුමා පාප් නිල ලාංඡනයෙන් ඔටුන්න ඉවත් කළා.

      6. මම නම් හිතන්නේ නෑ ඒ තරුණියන් දෙදෙනාගේ පාද සේදීමෙන් එහෙම වෙයි කියලා. අනෙක් එක ඒ 12 දෙනාම කතෝලික අයත් නෙමේ

      7. මම හිතන්නේ එතුමාගේ පෙර ක්‍රියා කලාපයත් එක්ක ඒ නම පුදුම වෙන්න ඕන නමකුත් නෙමේ. මේ ඉල්ලීම සමහර විට උල්පන්දම් දීමක් වෙන්න ඇති ඒ නම ගන්න.

      8. online version එක

      9. පෞද්ගලීක අත්දැකීම තව ලිපියකට මඟ පාදනවා වගේ

      ස්තූතියි මේ ලිපිය ලියන්න මාව යොමුකළාට.

      Delete
    3. @ පොඩ්ඩි,

      ලබන සතියේ විභාගෙකුත් තියනවා කරන්න. ඒකට මේ ප්‍රශ්න පත්තරේ හොඳ පෙරහුරුවක් වුනා.

      Delete
  3. දිළින්දන් ගැන හිතන පාප්තුමෙක් පත්වීම මට නම් ලොකු සතුටක්...

    සභාවට වෙනසක් අවශ්ය මයි... නමුත් එය මෙතරම් ඉක්මන් විය යුතු නැති බවයි මගේ අදහස... පාප්වහන්සේ ටිකක් කාලය ගන්න ඕන.. ශක්තිමත් පදනමක ඉදල හෙමිහිට අවශ්යඉ වෙනස්කම් කරන්න ඕන... ඉක්මන් වීමෙන් එතුමන්ගෙ ජීවිතය අවදානමකට ලක් වෙන්නත් බැරි නැහැ...
    ස්තුතියි ‍මේ ලිපියට...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන දේ හරී ගේ 5 වන ප්‍රශ්නෙදි කියලා තියනවා.

      ස්තූතියි අගය කිරීම ගැන

      Delete
  4. මටත් හිතුනේ ඔබත් එතන හිටියා නම් ඒ අත්දැකීම් එකතු කරන්ට කියලා. හරිම රසවත් වේවි.

    ඔය දුම් යන එක නම් බලන් ඉන්ට ලස්සනයි. කලින් ලිපියක (හරීගෙද මන්දා ) විස්තර කරලා තිබුනා වගේ, පාප්තුමා සිරකරුවන් වගේකගේ පා දෝවනය කරනවා ටීවී එකෙන් දැක්කා. විස්තර දැනගෙන හිටීම නිසා එය අරුමයක් උනේ නෑ. මේ වගේ ලිපි කියවා තිබීමේ වටිනාකම ඒ වෙලාවේ දැනුනා.:)

    ReplyDelete
    Replies
    1. හරීට කිව්වා වගේ අත්දැකීම් ටික තව ලිපියකට මඟපාදනවා වගේ.

      ඇත්තටම සුදු දුම යන වෙලාවේ එතන ඉන්න ලැබුණ එක නම් මගේ වාසනාවක්.

      ඔව් මේ බ්ලොග් අවකාශයට එකතු වුනාට පස්සේ මමත් ගොඩාක් දැනුම ලබා ගත්තා.

      Delete
  5. ලෝක බොරුවක් රැක ගන්න කරන විකාර

    ReplyDelete
    Replies
    1. ඒකනේ...

      මට හරි ආඩම්බරයි ඔබ වැනි විදේශිකයෙක් මෙසේ සිංහල භාෂාව හැසිරවීම ගැන.

      Delete
  6. මේ දුමට පාට ලබා දෙන්නේ රසායන ද්‍රව්‍යයක් කියලා හරී කිව්වා මතකයි. සමහර විට මුලින් කළු දුම යන්නේ ඒ රසායන ද්‍රව්‍ය යොදපු එකේ දෝෂයක් නිසාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ, එකම දුම් කවුළුව පාවිච්චි කරන හින්දයි, සුදු දුම යවන්න කළින් දෙවතාවකදීම කළු දුම යවලා තිබ්බ හින්දා, කවුළුවෙන් සුදු දුම යවද්දී මුලින් කළු දුම ටිකක් යන්න ඇති.

      Delete
  7. Thanks for shere this valuable article .......

    ReplyDelete