අද කතා කරන්න යන්නේ (ඇත්තටම මේක ලිව්වේ 2009 වසරේ, ඥානාර්ථ පුවත්පතේ පලවුණේ 2010 නත්තලට) නත්තල් සමයේ අපිට දකින්න ලැබෙන්න සංකේත සහ විශේෂාංග කිහිපයක් ගැනයි.
නත්තල යනු විශ්ව මංගල්‍යයකි. ලොව පුරා කිතුණු බැතිමත්හූ ඉතා උත්කර්ෂවත් ලෙස මෙම මංගල්‍යය සමරති. වර්තමානයේදී නත්තල කිතුණු සංස්කෘතියේ හා අනෙකුන් සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක්ව පවතී. එමනිසා නත්තල් සමයේ භාවිතා වන නත්තල් සැරසිලි වලින් සමහරක වර්තමානයේ පවතින අරුත එහි ආරම්භක අරුතට සම්පූර්ණයෙන්ම පටහැනි අරුතක් ගෙන දෙයි. මා මෙහි උත්සාහ ගන්නේ මෙම සැරසිලි හා සංකේතයන්ගේ සමහරක ආරම්භය හා අරුත පිළිබඳ විග්‍රහයක යෙදීමටයි.
නත්තල් සමයේදී නත්තල් සීයා නැතිවම බැරි අංගයකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන්න එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවෙකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිණි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලිභාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමාණුවන් එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවීය. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත්වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුණුවෙකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ නිසියාවේ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.
සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බවද ඔවුන්ට උදව් උපකාර කළ බවද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුණිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.
ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinterklaas වී අවසානයේදී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.
අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳූමක් ඇඳගත්, සුදූ රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම් වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය. 1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන් වලදී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.
අද පවතින පිළිගැනීම අනුව නත්තල් ගස සමාජයට එකතු වූයේ 16 වන සියවසේදී පමණ ජර්මනියෙනි. එනමුත් නත්තල් ගසේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රවාද ජර්මනියෙන්ම අපට දැනගන්නට ලැබේ.
පළමුවන ජනප්‍රවාදයඃ
ජේසුතුමාගේ උපතටත් පෙර සිටම සිසිර කාලයේදී ජර්මානු වැසියන් නොයෙකුත් උත්සව අවස්ථාවන් සඳහා සදාහරිත ශාක සැරසීම කර ඇත. සාන්ත බොනිෆස් තුමා ජර්මනියේ සිටි මිෂනාරිවරයෙකි. එතුමා නත්තල් ගසේ ලක්ෂයන් 3 (ත්‍රිකෝණාකාර) ශුද්ධවූ ත්‍රීත්වයට සමාන කර තිබේ. එක් ජනප්‍රවාදයක පැවසෙන අන්දමට දෙවියෙකු ලෙස ඕක් ගසට වැඳූම් පිඳූම් කරන පිරිසක් ළමයෙකු බිලිපූජා කිරීමට යන අවස්ථාවේදී ඒ පිළිබඳව සාන්ත බොනිෆස් තුමාට දැනගන්නට ලැබී ඇත. දරුවාව බේරා ලැනීමට බොනිෆස් මුනිතුමා එම ඕක් ගස කපා බිම හෙලා ඇත. ගස බිම පතිත වෙත්ම එයින් සුදූ ලොම් සහිත අතු ඇති ගසක් මතුවී ඇති අතර බොනිෆස් මුනිතුමා මෙය ඇදහිල්ලේ සංඛේතය ලෙස හඳූන්වා ඇත. මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.
දෙවන ජනප්‍රවාදයඃ
16 වන සියවසේදී මාර්ටින් ලුතර් නත්තල් දින සැඳෑ මෙහෙයකින් අනතුරුව නිවස බලා එමින් සිටියදී සදාහරිත ශාක අතුරින් ගලා ආ තරු එළිය දැක පුදූමයට පත් වී ඇත. එම ආලෝකය දැකීමෙන් ජේසුස් වහන්සේව ඔහුගේ සිතට පැමිණ තිබේ. ඔහු එම ගසෙන් අත්තක් නිවසට ගෙන ගොස් ඔහු දූටු එම චමත්කාර දර්ශනය පුනරාවර්ජනය කිරීමට, එහි දැල්වූ ඉටිපහන් සවි කළ බව සඳහන් වේ.
තෙවන ජනප්‍රවාදයඃ
ජර්මනියේ සෑම වසරකම දෙසැම්බර් 24 වන දින රඟදක්වන ලද ආදම් සහ ඒව පිළිබඳ නාට්‍යයක පාරාදීසයේ ගස ලෙස රංග භාණ්ඩයක් තිබී ඇත. සිසිරයේදී ඇපල් ගස් වල ඵල හා පත්‍ර හට නොගන්නා නිසා සදාහරිත ශාකවල ඇපල් ගෙඩි එල්ලා ඇත. පසුකාලීනව ඇපල් වෙනුවට දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කිරීමට වේෆර්ස් එල්ලා ඇත. කල්යත්ම වේෆර්ස් වෙනුවට මේවායේ රසකැවිලි එල්ලා ඇත.
සිව්වන ජනප්‍රවාදයඃ
1800 ගණන්වලදී රෙපරමාදූ සභාව, ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ. ඔවුන් ෂාරොන්හි රෝස සිහිවන්නට එය රෝස මලින් සරසා, ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පිළිඹිබු කිරීමට මුදූනේ දැල්වූ ඉටිපහනක් සවිකර තිබේ.
ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.
දෙවියන් වහන්සේ ගැලවුම්කරුවාගේ පැමිණීම ප්‍රකාශ කිරීමට මෙන්ම ජේසු වහන්සේගේ උපත දැනුම් දීමට ද දේවදූතයන් උපයෝගි කොට ගත් සේක. මරිය තුමියව ජේසුස් වහන්සේගේ මව වීමට තෝරා ගත් බව දැනුම් දීමට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවියන් වහන්සේ විසින් එවන ලද සේක (ලූක් 1/26-38). තණ මිටියාවතේ සිටි එඬේරුන්ට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට දේවදූතයන් දර්ශනය විය (ලූක් 2/9-16).
17 වන සියවසේදී දේවදූතයන්ව ගවලෙනට හඳූන්වා දෙන ලද්දේ දකුණු ඉතාලියෙනි. පසු කාලීනව දේවදූතයන් සැරසිල්ලක් බවට පත්වූ අතර දේවදූතයන් අපේ රැකවළුන් බවත් ඔවුන් සාමය, සතුට සහ සහජීවනය අප වෙත ගෙන එන බවත් ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්හ.
නත්තල් සමයේදී අප, තරුව සැරසිල්ලක් ලෙස භාවිතා කරන්නේ බෙත්ලෙහෙමේ දර්ශනය වෙමින් ශාස්ත්‍රවන්තයන්ට මඟපෙන්වූ එම ඓතිහාසික තාරකාව සිහි කිරීමටය. සමහරු මෙම තාරකාව වල්ගා තරුවක් ලෙසද, තවත් සමහරු ග්‍රහලෝක දෙකක් එකට පෙනීමක් ලෙසත් හඳූන්වති. න්‍යායාත්මකව මෙය ක්‍රි. පූ. 7 දී පමණ සිදූවූ බව සොයාගෙන තිබේ.
නත්තල් ගසේ මුදූනේ බෙත්ලෙහෙමේ තාරකාව සිහි කිරීමට තරුවකින් සරසනු ලැබේ.
මධ්‍යතන යුගයේදී ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව නපුරු ආත්මයන්ට අනතුරු ඇඟවීමට මධ්‍යම රාත්‍රිය වනතුරු ඉතා උස් සංඛ්‍යාතයන්ගේ සීනු නාද කළ බව කියවේ. විශාල ශබ්දයක් මඟින් නපුරු ආත්ම පළවා හැරිය හැකි බවට එකල මතයක් පැවතිණි.
නත්තල් සීයාගේ කරත්තයේ බැඳි පිණිමුවන්ගේ ගෙලෙහි ද මිහිරි නද දෙන සීනු තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ.
එසේම සීනුව දේවස්ථාන මෙහෙයන් පීළිබඳව දැනුම් දීමට මෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දී ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට ද යොදා ගැනේ.
දැල්වූ ඉටිපහන, කිතුණුවන්ට ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පසක් කර දෙයි. අදටත් යුරෝපයේ ජනතාව ඔවුන්ගේ ජනේල වල හා නත්තල් ගසේ ඉටිපහන් රැඳවීම කරනු ලබයි.
කිතුණුවන් ආගමන කාලයේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහි කිරීමට ඉටිපහන් යොදා ගනී (ආගමන මල් කළඹ).
හෝලි ශාක ලෝකයේ බොහෝ ප්‍රදේශයන් හී දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශීත සෘතුවේදී පවා මෙම ශාකය කොළ පැහැයෙන් පැවතීමයි. මේ නිසා මෙම ශාකය සැරසිළි සඳහා භාවිතා කර ඇත. හෝලි අතු යොදා සාදන ලද වඩම ඒවායේ පත්‍රයන්හි ඉඳිකටු වැනි කටු ඇති නිසා ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ලෙසත්, රත් පැහැති ඵල ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය ලෙසත් නිරූපණය වේ. මෙම නිසා හෝලි අතු එහි ඵල සමඟ ගත් විට ජේසුස් වහන්සේගේ දූක් විඳීම සිහි ගන්වයි.
නත්තල් සමයේදී මෙය සැරසිල්ලක් ලෙස බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරටුවේ එල්ලා තිබෙනු දක්නට පුළුවනි. යුරෝපය ආශ්‍රිතව මෙම සැරසිල්ල සඳහා භාවිතා කරනුයේ හෝලි අතුය. ඈත අතීතයේදී සමහර ජනකොටස් සිසිරයේදී නැවත හිරු උදාවේවා යයි පතමින් මෙවැනි සදාහරිත රවුම් වලට වැඳූම් පිඳූම් කළ බව සඳහන් වේ. ජේසුස් වහන්සේ ගේ කටු ඔටුන්න ද හෝලි අතු වලින් නිර්මාණය කළ බවට ද සමහරු මත පළ කරති. ඔවුන් තවදූරටත් සඳහන් කරන්නේ මෙම ඵල මුලදී සුදූ පැහැයෙන් තිබුණ මුත් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය නිසා රතු පැහැයට හැරුණු බවයි.
අතීතයේදී දෙමාපියන් තම දරුවන්ට සීනි වලින් සාදන ලද දණ්ඩක් ආකාරයේ රස කැවිල්ලක් දී ඇත. 1670 දී පමණ ජර්මානු කන්තාරු කණ්ඩායමක ප්‍රධානියෙක් මෙම සීනි දඬු එඬේරෙකුගේ කෙවිටක් ආකාරයට නවා නත්තල් මෙහෙය සඳහා පැමිණෙන දරුවන්ට දී ඇත. පසුව මෙය යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර රෝසමලින් සරසන ලද සීනි කෙවිටි නිවෙස් හි සැරසිලි ලෙස භාවිතා වී ඇත. වර්ශ 1900 දී පමණ මෙයට එහි සාම්ප්‍රදායික රතු ඉරි සහ පෙපර්මින්ට් රසය එක් වී ඇත.
සීනි කෙවිටේ ආරම්භය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් ඇත. මෙම ජනප්‍රවාදයට අනුව 19 වන සියවසේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රසකැවිලි නිෂ්පාදකයෙකුට නත්තලේ සැබෑ අරුත දෙන රසකැවිල්ලක් හඳූන්වා දීමට අවශ්‍ය වී මෙම සීනි කෙවිට නිර්මාණය කර ඇත.
මෙහි දක්නට ලැබෙන පැහැදිළිම සංකේතය වන්නේ මෙහි හැඩයයි. මෙම සීනි කෙවිට අනෙක් අතට හැරවූ විට ඉංගී්‍රසි හෝඩියේ ‘J’ අක්ෂරයේ හැඩය ගනී. එයින් නිරූපණය වන්නේ ‘Jesus’ නොහොත් ජේසුස් වහන්සේ බවයි. මෙහි සාමාන්‍ය හැඩය එඬේරෙකුගේ යෂ්ඨිය මෙන් වේ. ජේසුස් වහන්සේ කීපවරක්ම තමා බැටළු එඬේරාණන් බව ප්‍රකාශ කළ සේක. එසේම ජේසුස් වහන්සේගේ උපත පළමුවෙන්ම සැළවූයේ එඬේරුන් පිරිසකටයි.
මෙහි ඇති තද ගතිය ජේසුස් වහන්සේ ගැලවීමේ පර්වතය බව අපට පසක් කරයි. මෙහි ඇති සුදූ පැහැය ජේසුස් වහන්සේ කන්‍යාවියකගෙන් උපත ලැබූ බවද ඔවුන් වහන්සේගේ පිවිතුරු දිවි පෙවෙතද නිරූපණය කරයි. තවද ඔවුන් වහන්සේගේ රුධීරය මඟින් අප ජීවිතද හිම මෙන් සුදූ කර ඇත (එළිදරව්ව 7/14, යෙසායා 1/18).
මෙහි මුල් ඉරි තුන මඟින් ශුද්ධවූ ත්‍රීත්වය සංකේතවත් කරන අතර රතු ඉරි තුන මඟින් ජේසුස් වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් හෙළූ රුධීරය සංකේතවත් කරයි.
සමහර විට කොළ පැහැති ඉරක් සීනි කෙවිටේ දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තිළීණය බවයි.
මෙම අදහස් නිසා සීනි කෙවිට හුදෙක් රසකැවිල්ලක් පමණක්ම නොව එය කෙටි ධර්මෝපදේශයක්ද වේ.
සාන්ත නිකුලස් මුනිතුමා අසරණව සිටි යුවතියන් තිදෙනෙකුට දායාදය ලෙස මුදල් දූන් බව සඳහන් වේ. ඉතා දිළිඳූ නිවසක වාසය කළ ඔවුන් සිසිරයේදී ඔවුන්ගේ ඇඳූම් වියළා ගනු ලැබුවේ දර උදූනට ඉහලින් ඒවා එල්ලා තැබීමෙනි. සාන්ත නිකුලස් මුනිතුමාගේ මෙම තිළිණය එතුමා මෙම නිවසේ දූම් කවුළුව තුළින් දැමූ විට එය වියලෙන්නට තබා තිබූ මේස් කකුලකට වැටී ඇත. එබැවින් තනි මේස් කකුල තෑගි දෙන මල්ලක් බවට පත්ව අද වන විට සැරසිල්ලක් බවට පත්වී ඇත.
පළමුවෙන්ම නත්තල් සුභපැතුම් පතක් දී ඇතැයි සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් හෙන්රි කෝල් ය. පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර ඇත්තේ 1843 වසරේදී ජේ. සී. හෝර්ස්ලි විසින්ය. මෙම පළමු නිර්මාණයේ කාඩ්පත් දහසක් පමණ බ්‍රිතාන්‍යය තුළ අලෙවි වූ බව කියවේ.
ඇමරිකාවේ පළමු වරට නත්තල් කාඩ්පතක් 1875 වසරේදී ලුවිස් ප්‍රාන්ග් විසින් මුද්‍රණය කරන ලදී. ඔහු ජාතික වශයෙන් නත්තල් නිර්මාණ තරඟයක් පවත්වා එහි නිර්මාණ කාඩ්පත් සඳහා යොදාගෙන තිබේ.
නත්තල් කාඩ්පත් තම හිතෛශීන්ට ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දැක්විය හැක.
ඉහත සඳහන් කළ විග්‍රහය අනුව නත්තල නැමති අසහාය සිදූවීමේ සැබෑ අරුත විදහා දැක්වීමට එය ආශ්‍රිත සංකේත සහ විශේෂාංග සමත්ව ඇත. නමුත් වත්මන් සමාජයේ බොහෝ දූරට මෙම සංකේත සහ විශේෂාංග වාණිජත්වයට ගොදූරු වී ඇත. එමනිසා නත්තලේ උතුම් පණිවුඩය සහ සාරධර්ම කියාදෙන මෙම සංකේත සහ විශේෂාංග ඉදිරි පරපුර වෙනුවෙන් ඒවායේ සැබෑ අරුත සමඟ රැක ගැනීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.
නත්තල් සීයා
නත්තල් සමයේදී නත්තල් සීයා නැතිවම බැරි අංගයකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන්න එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවෙකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිණි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලිභාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමාණුවන් එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවීය. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත්වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුණුවෙකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ නිසියාවේ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.
සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බවද ඔවුන්ට උදව් උපකාර කළ බවද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුණිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.
සා. නිකුලස් මුනිතුමා |
ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinterklaas වී අවසානයේදී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.
අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳූමක් ඇඳගත්, සුදූ රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම් වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය. 1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන් වලදී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.
නත්තල් ගස
අද පවතින පිළිගැනීම අනුව නත්තල් ගස සමාජයට එකතු වූයේ 16 වන සියවසේදී පමණ ජර්මනියෙනි. එනමුත් නත්තල් ගසේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රවාද ජර්මනියෙන්ම අපට දැනගන්නට ලැබේ.
පළමුවන ජනප්‍රවාදයඃ
ජේසුතුමාගේ උපතටත් පෙර සිටම සිසිර කාලයේදී ජර්මානු වැසියන් නොයෙකුත් උත්සව අවස්ථාවන් සඳහා සදාහරිත ශාක සැරසීම කර ඇත. සාන්ත බොනිෆස් තුමා ජර්මනියේ සිටි මිෂනාරිවරයෙකි. එතුමා නත්තල් ගසේ ලක්ෂයන් 3 (ත්‍රිකෝණාකාර) ශුද්ධවූ ත්‍රීත්වයට සමාන කර තිබේ. එක් ජනප්‍රවාදයක පැවසෙන අන්දමට දෙවියෙකු ලෙස ඕක් ගසට වැඳූම් පිඳූම් කරන පිරිසක් ළමයෙකු බිලිපූජා කිරීමට යන අවස්ථාවේදී ඒ පිළිබඳව සාන්ත බොනිෆස් තුමාට දැනගන්නට ලැබී ඇත. දරුවාව බේරා ලැනීමට බොනිෆස් මුනිතුමා එම ඕක් ගස කපා බිම හෙලා ඇත. ගස බිම පතිත වෙත්ම එයින් සුදූ ලොම් සහිත අතු ඇති ගසක් මතුවී ඇති අතර බොනිෆස් මුනිතුමා මෙය ඇදහිල්ලේ සංඛේතය ලෙස හඳූන්වා ඇත. මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.
දෙවන ජනප්‍රවාදයඃ
16 වන සියවසේදී මාර්ටින් ලුතර් නත්තල් දින සැඳෑ මෙහෙයකින් අනතුරුව නිවස බලා එමින් සිටියදී සදාහරිත ශාක අතුරින් ගලා ආ තරු එළිය දැක පුදූමයට පත් වී ඇත. එම ආලෝකය දැකීමෙන් ජේසුස් වහන්සේව ඔහුගේ සිතට පැමිණ තිබේ. ඔහු එම ගසෙන් අත්තක් නිවසට ගෙන ගොස් ඔහු දූටු එම චමත්කාර දර්ශනය පුනරාවර්ජනය කිරීමට, එහි දැල්වූ ඉටිපහන් සවි කළ බව සඳහන් වේ.
තෙවන ජනප්‍රවාදයඃ
ජර්මනියේ සෑම වසරකම දෙසැම්බර් 24 වන දින රඟදක්වන ලද ආදම් සහ ඒව පිළිබඳ නාට්‍යයක පාරාදීසයේ ගස ලෙස රංග භාණ්ඩයක් තිබී ඇත. සිසිරයේදී ඇපල් ගස් වල ඵල හා පත්‍ර හට නොගන්නා නිසා සදාහරිත ශාකවල ඇපල් ගෙඩි එල්ලා ඇත. පසුකාලීනව ඇපල් වෙනුවට දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කිරීමට වේෆර්ස් එල්ලා ඇත. කල්යත්ම වේෆර්ස් වෙනුවට මේවායේ රසකැවිලි එල්ලා ඇත.
සිව්වන ජනප්‍රවාදයඃ
1800 ගණන්වලදී රෙපරමාදූ සභාව, ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ. ඔවුන් ෂාරොන්හි රෝස සිහිවන්නට එය රෝස මලින් සරසා, ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පිළිඹිබු කිරීමට මුදූනේ දැල්වූ ඉටිපහනක් සවිකර තිබේ.
ගවලෙන
ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.
දේවදූතයෝ
දෙවියන් වහන්සේ ගැලවුම්කරුවාගේ පැමිණීම ප්‍රකාශ කිරීමට මෙන්ම ජේසු වහන්සේගේ උපත දැනුම් දීමට ද දේවදූතයන් උපයෝගි කොට ගත් සේක. මරිය තුමියව ජේසුස් වහන්සේගේ මව වීමට තෝරා ගත් බව දැනුම් දීමට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවියන් වහන්සේ විසින් එවන ලද සේක (ලූක් 1/26-38). තණ මිටියාවතේ සිටි එඬේරුන්ට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට දේවදූතයන් දර්ශනය විය (ලූක් 2/9-16).
17 වන සියවසේදී දේවදූතයන්ව ගවලෙනට හඳූන්වා දෙන ලද්දේ දකුණු ඉතාලියෙනි. පසු කාලීනව දේවදූතයන් සැරසිල්ලක් බවට පත්වූ අතර දේවදූතයන් අපේ රැකවළුන් බවත් ඔවුන් සාමය, සතුට සහ සහජීවනය අප වෙත ගෙන එන බවත් ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්හ.
තාරකාව
නත්තල් සමයේදී අප, තරුව සැරසිල්ලක් ලෙස භාවිතා කරන්නේ බෙත්ලෙහෙමේ දර්ශනය වෙමින් ශාස්ත්‍රවන්තයන්ට මඟපෙන්වූ එම ඓතිහාසික තාරකාව සිහි කිරීමටය. සමහරු මෙම තාරකාව වල්ගා තරුවක් ලෙසද, තවත් සමහරු ග්‍රහලෝක දෙකක් එකට පෙනීමක් ලෙසත් හඳූන්වති. න්‍යායාත්මකව මෙය ක්‍රි. පූ. 7 දී පමණ සිදූවූ බව සොයාගෙන තිබේ.
නත්තල් ගසේ මුදූනේ බෙත්ලෙහෙමේ තාරකාව සිහි කිරීමට තරුවකින් සරසනු ලැබේ.
සීනුව
මධ්‍යතන යුගයේදී ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව නපුරු ආත්මයන්ට අනතුරු ඇඟවීමට මධ්‍යම රාත්‍රිය වනතුරු ඉතා උස් සංඛ්‍යාතයන්ගේ සීනු නාද කළ බව කියවේ. විශාල ශබ්දයක් මඟින් නපුරු ආත්ම පළවා හැරිය හැකි බවට එකල මතයක් පැවතිණි.
නත්තල් සීයාගේ කරත්තයේ බැඳි පිණිමුවන්ගේ ගෙලෙහි ද මිහිරි නද දෙන සීනු තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ.
එසේම සීනුව දේවස්ථාන මෙහෙයන් පීළිබඳව දැනුම් දීමට මෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දී ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට ද යොදා ගැනේ.
ඉටිපහන්
දැල්වූ ඉටිපහන, කිතුණුවන්ට ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පසක් කර දෙයි. අදටත් යුරෝපයේ ජනතාව ඔවුන්ගේ ජනේල වල හා නත්තල් ගසේ ඉටිපහන් රැඳවීම කරනු ලබයි.
කිතුණුවන් ආගමන කාලයේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහි කිරීමට ඉටිපහන් යොදා ගනී (ආගමන මල් කළඹ).
හෝලි අතු
හෝලි ශාක ලෝකයේ බොහෝ ප්‍රදේශයන් හී දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශීත සෘතුවේදී පවා මෙම ශාකය කොළ පැහැයෙන් පැවතීමයි. මේ නිසා මෙම ශාකය සැරසිළි සඳහා භාවිතා කර ඇත. හෝලි අතු යොදා සාදන ලද වඩම ඒවායේ පත්‍රයන්හි ඉඳිකටු වැනි කටු ඇති නිසා ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ලෙසත්, රත් පැහැති ඵල ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය ලෙසත් නිරූපණය වේ. මෙම නිසා හෝලි අතු එහි ඵල සමඟ ගත් විට ජේසුස් වහන්සේගේ දූක් විඳීම සිහි ගන්වයි.
සරසන ලද සදාහරිත රවුම
නත්තල් සමයේදී මෙය සැරසිල්ලක් ලෙස බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරටුවේ එල්ලා තිබෙනු දක්නට පුළුවනි. යුරෝපය ආශ්‍රිතව මෙම සැරසිල්ල සඳහා භාවිතා කරනුයේ හෝලි අතුය. ඈත අතීතයේදී සමහර ජනකොටස් සිසිරයේදී නැවත හිරු උදාවේවා යයි පතමින් මෙවැනි සදාහරිත රවුම් වලට වැඳූම් පිඳූම් කළ බව සඳහන් වේ. ජේසුස් වහන්සේ ගේ කටු ඔටුන්න ද හෝලි අතු වලින් නිර්මාණය කළ බවට ද සමහරු මත පළ කරති. ඔවුන් තවදූරටත් සඳහන් කරන්නේ මෙම ඵල මුලදී සුදූ පැහැයෙන් තිබුණ මුත් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය නිසා රතු පැහැයට හැරුණු බවයි.
සීනි කෙවිට
අතීතයේදී දෙමාපියන් තම දරුවන්ට සීනි වලින් සාදන ලද දණ්ඩක් ආකාරයේ රස කැවිල්ලක් දී ඇත. 1670 දී පමණ ජර්මානු කන්තාරු කණ්ඩායමක ප්‍රධානියෙක් මෙම සීනි දඬු එඬේරෙකුගේ කෙවිටක් ආකාරයට නවා නත්තල් මෙහෙය සඳහා පැමිණෙන දරුවන්ට දී ඇත. පසුව මෙය යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර රෝසමලින් සරසන ලද සීනි කෙවිටි නිවෙස් හි සැරසිලි ලෙස භාවිතා වී ඇත. වර්ශ 1900 දී පමණ මෙයට එහි සාම්ප්‍රදායික රතු ඉරි සහ පෙපර්මින්ට් රසය එක් වී ඇත.
සීනි කෙවිටේ ආරම්භය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් ඇත. මෙම ජනප්‍රවාදයට අනුව 19 වන සියවසේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රසකැවිලි නිෂ්පාදකයෙකුට නත්තලේ සැබෑ අරුත දෙන රසකැවිල්ලක් හඳූන්වා දීමට අවශ්‍ය වී මෙම සීනි කෙවිට නිර්මාණය කර ඇත.
මෙහි දක්නට ලැබෙන පැහැදිළිම සංකේතය වන්නේ මෙහි හැඩයයි. මෙම සීනි කෙවිට අනෙක් අතට හැරවූ විට ඉංගී්‍රසි හෝඩියේ ‘J’ අක්ෂරයේ හැඩය ගනී. එයින් නිරූපණය වන්නේ ‘Jesus’ නොහොත් ජේසුස් වහන්සේ බවයි. මෙහි සාමාන්‍ය හැඩය එඬේරෙකුගේ යෂ්ඨිය මෙන් වේ. ජේසුස් වහන්සේ කීපවරක්ම තමා බැටළු එඬේරාණන් බව ප්‍රකාශ කළ සේක. එසේම ජේසුස් වහන්සේගේ උපත පළමුවෙන්ම සැළවූයේ එඬේරුන් පිරිසකටයි.
මෙහි ඇති තද ගතිය ජේසුස් වහන්සේ ගැලවීමේ පර්වතය බව අපට පසක් කරයි. මෙහි ඇති සුදූ පැහැය ජේසුස් වහන්සේ කන්‍යාවියකගෙන් උපත ලැබූ බවද ඔවුන් වහන්සේගේ පිවිතුරු දිවි පෙවෙතද නිරූපණය කරයි. තවද ඔවුන් වහන්සේගේ රුධීරය මඟින් අප ජීවිතද හිම මෙන් සුදූ කර ඇත (එළිදරව්ව 7/14, යෙසායා 1/18).
මෙහි මුල් ඉරි තුන මඟින් ශුද්ධවූ ත්‍රීත්වය සංකේතවත් කරන අතර රතු ඉරි තුන මඟින් ජේසුස් වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් හෙළූ රුධීරය සංකේතවත් කරයි.
සමහර විට කොළ පැහැති ඉරක් සීනි කෙවිටේ දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තිළීණය බවයි.
මෙම අදහස් නිසා සීනි කෙවිට හුදෙක් රසකැවිල්ලක් පමණක්ම නොව එය කෙටි ධර්මෝපදේශයක්ද වේ.
රතු මේස් කකුල
සාන්ත නිකුලස් මුනිතුමා අසරණව සිටි යුවතියන් තිදෙනෙකුට දායාදය ලෙස මුදල් දූන් බව සඳහන් වේ. ඉතා දිළිඳූ නිවසක වාසය කළ ඔවුන් සිසිරයේදී ඔවුන්ගේ ඇඳූම් වියළා ගනු ලැබුවේ දර උදූනට ඉහලින් ඒවා එල්ලා තැබීමෙනි. සාන්ත නිකුලස් මුනිතුමාගේ මෙම තිළිණය එතුමා මෙම නිවසේ දූම් කවුළුව තුළින් දැමූ විට එය වියලෙන්නට තබා තිබූ මේස් කකුලකට වැටී ඇත. එබැවින් තනි මේස් කකුල තෑගි දෙන මල්ලක් බවට පත්ව අද වන විට සැරසිල්ලක් බවට පත්වී ඇත.
නත්තල් සුභපැතුම් පත්
ප්‍රථම නත්තල් සුභ පැතුම් පත |
ඇමරිකාවේ පළමු වරට නත්තල් කාඩ්පතක් 1875 වසරේදී ලුවිස් ප්‍රාන්ග් විසින් මුද්‍රණය කරන ලදී. ඔහු ජාතික වශයෙන් නත්තල් නිර්මාණ තරඟයක් පවත්වා එහි නිර්මාණ කාඩ්පත් සඳහා යොදාගෙන තිබේ.
නත්තල් කාඩ්පත් තම හිතෛශීන්ට ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දැක්විය හැක.
ඉහත සඳහන් කළ විග්‍රහය අනුව නත්තල නැමති අසහාය සිදූවීමේ සැබෑ අරුත විදහා දැක්වීමට එය ආශ්‍රිත සංකේත සහ විශේෂාංග සමත්ව ඇත. නමුත් වත්මන් සමාජයේ බොහෝ දූරට මෙම සංකේත සහ විශේෂාංග වාණිජත්වයට ගොදූරු වී ඇත. එමනිසා නත්තලේ උතුම් පණිවුඩය සහ සාරධර්ම කියාදෙන මෙම සංකේත සහ විශේෂාංග ඉදිරි පරපුර වෙනුවෙන් ඒවායේ සැබෑ අරුත සමඟ රැක ගැනීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.
*මේ සඳහා තොරතුරු සොයාගත්තේ පොත පතින් සහ අන්තර්ජාලයෙනි. පිංතූර සියල්ලම Google Image වෙතිනි.
හපොයි මේ මොකද ?? මුලු ලිපියම සංඛේත වලින්නෙ ලියලා තියෙන්නෙ.. ඉස්සෙල්ලා කෝඩ්ස් බ්‍රේක් කරන් ඉන්න වෙයි වගේ.... :D
ReplyDeleteමේක මගේ එකේ වැඩ කරනවා. මේක unicode වලින් නෙමේ ලියලා තියෙන්නේ. Word වල සාමාන්‍යය font එකකින්. කොහොමද කෝඩ්ස් බ්‍රේක් කරන්නේ?
Deleteකෝඩ් බ්‍රේක් කිරීම ගැනනම් මම විහිළුවක් කළේ සහෝදරතුම. මම අමාලි ෆෝන්ට් එකත් දාගෙන බැලුවා ඒත් කියවන්න බෑ..
Deleteකෝඩ් බ්‍රේක් කරන එක ගැන හම්බවුනා. කරන්න තියෙන්නේ UCSC එකේ online unicode converter එකෙන් font එක unicode කරන එකයි. තව පැය 9 කින් විතර ලිපිය හරියටම බලන්න පුළුවන් වෙයි.
Deleteසෙන්නා, දැන් කියවන්න පුළුවන්.
Deleteකියෙව්වෙමි. ස්තූතියි කරදර විඳලා නැවත සැකසුවාට...
Deleteසිවලුන්ගේ මුනින්ද්‍රයා ?? ඔය ඇහුවමයි ...
ස්තූතියි කියෙව්වට. එච්චර කරදරයක් වුනේ නෑ. ඔන්ලයින් කන්වර්ටර් එකෙන් යුනිකෝඩ් වලට මාරුකළා. නැවතීමේ ලකුණු, කොමා වගේ ඒවා තමා ටිකක් හදන්න තිබ්බේ.
Delete//සිවලුන්ගේ මුනින්ද්‍රයා ?? ඔය ඇහුවමයි ...//
ඔව් ඔව් එහෙම තමා කියන්නේ. සමහර වෙලාවට ඒ ඒ සාන්තුවරයා ගේ ජීවිතයේ යම් යම් සිද්ධි නිසාත් මෙහෙම නම් කරනවා
නත්තලට මමත් ආසයි මම බෞද්ධයකු වුනත්, නත්තල කියන්නේ කාලා බීලා විනෝදවීම නොවෙයි සාමදානය සහ දුකට පත්වූවන්ට සැලකීම කියලා මම අවබෝධ කරගෙන තියනවා. මීට කලින් අහලා නැති තොරතුරු මේ ලිපියෙන් ඉගෙනගත්තා. බොහොම පින්.
ReplyDeleteවිචාරක තුමාට මේ ලිපිය කියවන්න පුළුවන්ද? එහෙම නම් විචාරක තුමා ගේ පරිගණකයේ 'Amalee' font එක ඇති. මම මේක යුනිකෝඩ් වලින් දාපු නැති හින්දා සමහර අයට කියවන්න බෑ වගේ.
Deleteසතුටුයි යමක් දැනගත්තා කියනවට. ඇත්තටම නත්තල කියන එකේ අරුත ගොඩාක් අයට අමතක වෙලා. නත්තලේදී අපි ජේසු තුමා ගේ පැමිණීම බලාපොරොත්තු වෙන්න ඕනා වුනත් බලාගෙන ඉන්නේ නත්තල් සීයා එනකන්.
මගේ පරිගණකයේ සිංහල ඉංග්‍රීසි ෆොන්ට්ස් 2441 ක් දාලා තියනවා.
Deleteහරියටම හරි. ජේසුතුමාගේ පුනරාගමනය තමන් තුලින්ම උදාකරගන්න වෙහෙසෙන පිරිස අඩුයි.
අද සිකුරාදා හින්දද මන්දා මට මෙහෙම පේන්නේ... අම්මෝ.. හෙට දිහාට ආයෙම ඇවිත් කියවන්නම්... මේක හදලා තියන්ඩෝ !!! :)
ReplyDeleteහදන්ඩ අමාරුයි වගේම නම් පී ඩී එෆ් එකක් කරලා බාගෙන බලන්ඩ අවස්ථාවක් දෙන්ඩ :)
Deleteමධුරංග දැන් හරි.
Deleteදැන් හරි.. මම ලිපිය කියව ගත්තා.. නත්තල් ගවලෙන ගැන නං අහන්න දෙයක් නෑනේ.. ගවලෙනේ ඉන්න ඈයෝ දිහා බැලුවහම තේරුම් ගන්න පුලුවන් නේ.. මේ ලිපියෙන් සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා !!!
ReplyDeleteඔව් මධුරංග ලඟදීත් රාගමදී ගවලෙන් බැලුවනේ. :)
Deleteනොදන්න දෙයක් කියලා දෙන්න ලැබීම ගැන සතුටු වෙනවා.
//නත්තල ආශ්‍රිත සංඛේත හා විශේෂාංග
ReplyDeleteසංකේත !
සංඛේත නෙමෙයි.. වැරැද්ද නිවැරදි කරන්න !
ස්තූතියි නිවැරදි කිරීම ගැන.
Deleteහරිම ලස්සණ ලිපියක්. ගොඩක් දේවල් දැනගත්තා.
ReplyDelete//මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.//
මෙන්න මෙය හරියටම තේරුණේ නෑ.
// ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ.//
සිව්වන ජනප්‍රවාදයට කැමති හිතෙනවා...
මාත් (බෞද්ධයෙක් උණත් ) නත්තලට පුංචි නත්තල් ගහක් සරසලා ගෙදර අයට තෑගි ඒ ගහ යටින් තියෙනවා. මගේ පුංචි බව්වටත් එක්ක. :)
//මගේ පුංචි බව්වටත් එක්ක. :)// මට මතක් උනේ මිස්ටර් බීනුයි එයාගේ ටෙඩියයි නත්තල් සමරන හැටි. :D
Delete@ පොඩ්ඩි
Delete//මෙමගින් සංඛේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.//
මේක කිව්වේ, ඒ සිද්ධියත් එක්ක. ඒ කිව්වේ ඕක් ගහකට වැදුම් පිදුම් කරන පිරිසක් ළමයෙක්ව බිළිදෙන්න හදපු එකට වගේ ඇදහිළි වෙනුවට කිතු දහම ආවා කියලා.
නත්තල් ගහක් සරසන එක දැන් සාමාන්‍යය දෙයක් වෙලා. ගොඩාක් අය ආගම් බේදයක් නැතුව නත්තල් ගස් හදනවා.
@ හරී,
මටත් මිස්ටර් බීන්ව තමා මතක් වුනේ. දැන් අපිට මිසිස් බීන් කෙනෙකුත් ඉන්නවා එහෙනම්. :)
මේ පින්තූරය බැලුවාම නත්තල් සීයාගේත් සාන්ත නිකුලස් තුමාගේත් වෙනස හොඳට පේනවා.
ReplyDeleteහොඳ ලිපියක්. හැබැයි ටිකක් හදිස්සියෙන් ලියලා වගෙයි..
ඔව් ඒ පින්තූරේ නම් ඒක හොඳට පේනවා. ඒ පින්තූරෙත් මෙතනට දාන්නම් වෙනස බලන්නත් එක්ක.
Deleteමම මුලින්ම කිව්වා වගේ මේක ලිව්වේ 2009 අවුරුද්දේ, ඒක කිසිම වෙනස්කමක් කරන්නෙ නැතුවයි දැම්මේ. මගේ ඒ කාලේ ලියන විදිහයි, දැන් විදිහයි ටිකක් වෙනස්. ඒක වෙන්න ඇති හරී ට එහෙම හිතුනේ.
ස්තූතියි.
මකුලු දැල් බැඳිලා..
ReplyDeleteදැන් කඩාගෙන යන්නේ, තව ටිකක් ඉතුරුයි. කොහොමත් අද හෙට ඉවර කරගන්න පුළුවන් වෙයි. :)
DeleteVery informative. Thanks.
ReplyDelete