Sunday 28 July 2013

මොකක්ද මේ දවස් වල කතා කරන ලෝක තරුණ දිනය?


http://wydcentral.org/wyd-rio-2013-official-logo/


ඕගොල්ලෝ මේ දවස් වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් අහලා ඇති ලෝක තරුණ දිනයක් ගැන. මේ තමා සෑම වසරකම කතෝලික සභාව තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන දිනය. වසර 2කට හෝ 3කට වතාවක් ජාත්‍යන්තරව පවත්වන මෙම දිනය, අනෙක් වසර වලදී පදවි මට්ටමෙන් ගොබ් ඉරුදින පවත්වනු ලැබේ.

1985 වසරේදී භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියා විසින් ආරම්භ කරන ලද ලෝක තරුණ දිනය මේ වසරේ පවත්වන්නේ 28 වන වතාවටයි. ඒ පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවරයි.
මෙම ලෝක තරුණ දිනයේ නාම සාන්තුවරු ලෙස කතෝලික සභාව නම් කර තිබෙන්නේ කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමියව සහ භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාවයි.

භාග්‍යවන්ත දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මෙම ලෝක තරුණ දිනයට සංඛේත දෙකක් ලබා දී තිබෙනවා. ඒවා නම් 1984 වසරේ ලබා දුන් මීටර් 3.8 ක් පමණ උස ලී කුරුසිය සහ 2003 වසරේ ලබා දුන් මරිය තුමිය ගේ පින්තූරයක්. සෑම ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනයකම මෙම සංඛේත දෙක දැකගන්න පුළුවන්.
http://www.catholic.net/index.php?option=dedestaca&id=9661

මෙය ලෝක තරුණ දිනය ලෙස හැඳින්වූවත්, ජාත්‍යන්තර මට්ටමෙන් සතියක් පුරා පවත්වනවා. ආගමීක වතාවන්, දහම් දැනුම, ගීතිකා ගායනයන් වලින් මෙම දින කිහිපය සමන්විත වෙනවා. පාප්තුමා ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර උත්සවය අවසන් වෙන්නේ ඉරුදින පැවැත්වෙන දේව මෙහෙයත් සමඟයි. ඊළඟ ජාත්‍යන්තර මට්ටමේ ලෝක තරුණ දිනය පැවැත්වෙන නඟරය ප්‍රකාශයට පත්කරන්නේ මෙම දේව මෙහෙය අවසානයේ පාප්තුමා විසිනි.

ලෝක තරුණ දිනයේ ශ්‍රී ලංකා ධජය


ජාත්‍යන්තරව පවත්වා ඇති ලෝක තරුණ දිනයන් මෙසේයි.

1985 වතිකානුව
1987 බුඑනොස් අයිරෙස්, ආර්ජන්ටිනාව
1989 සන්තියාගෝ දෙ කොම්පෝස්තෙලා, ස්පාඤ්ඤය
1991 චෙස්තොකෝවා, පෝලන්තය
1993 ඩෙන්වර්, ඇමරිකාව
1995 මැනිලා, පිලිපීනය
1997 පැරීසිය, ප්‍රංශය
2000 වතිකානුව
2002 ටොරෙන්ටෝ, කැනඩාව
2005 කොලෝන්, ජර්මනිය
2008 සිඩ්නි, ඔස්ට්‍රේලියාව
2011 මැඩ්‍රීඩ්, ස්පාඤ්ඤය
2013 රියෝ ද ජනෙයිරෝ, බ්‍රසීලය

මෙයින් වැඩිම සහභාගිත්වය වාර්තා වී තිබෙන්නේ පිලිපීනයේ 1995 දී පැවති ලෝක තරුණ දිනයේදීයි. එය 5,000,000 ක් ලෙස සටහන් වෙනවා.
පිලිපීනයේ පැවති ලෝක තරුණ දිනය
http://www.telegraph.co.uk/news/picturegalleries/worldnews/8474137/Pope-John-Paul-II-in-pictures.html?image=21


මෙම ලිපිය ලියන්න බොහෝ ඉවහල් වුනේ අද දිනයෙන් (ජූලි 28) අවසන් වන 2013 වසරේ ලෝක තරුණ දිනයයි. ඔබටත් මෙම අවස්ථාව සජීවීව මෙම ස්ථානයෙන් සහ මෙම YouTube ගිණුම හරහා නැරඹිය හැකියි. මෙම YouTube ගිණුමේ, 2013 වසරේ ලෝක තරුණ දිනයේ සියළු අවස්ථාවන් හී වීඩියෝ දර්ශණ නැරඹීමේ හැකියාව ද පවතිනවා.

මූලාශ්‍ර:

  • http://en.wikipedia.org/wiki/World_Youth_Day
  • http://www.vatican.va/gmg/documents/gmg_chronicle-wyd_20020325_en.html
  • http://www.rio2013.com/en/world-youth-day/wyd-symbols


ප.ලි.: අවසාන දේව මෙහෙය අද දින (ජූලි 28 ඉරිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.15 ට ආරම්භ වේ.

18 comments:

  1. 2008 වසරේ සිඩිනි නුවර පැවති ලෝක තරුණ එකතුවට සහභාගි වෙන්න ලැබුණා... අමතක නොවන සුන්දර මතකයක්... මෙල්බර්න්වල පැවති නිර්මල මරිය නිකායික ගිහි තරුණ එකමුතුව පැවැත්වුණේ ලෝක තරුණ දිනයට කළින් සතියෙ.. මේ අවස්ථා දෙකටම සහභාගි වෙන්න ලැබීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. මම මීට ඉස්සල්ලත් ඔයා ඕස්ට්‍රේලියාවේ උත්සවයට සහභාගි උනා කියලා දැක්කා,,,කොහොමද ඒ අවස්තාව ඔයාට හම්බුනේ

      Delete
    2. ඇත්තටම ලොකු දෙයක් මේකට සහභාගි වෙන්න ලැබෙන එක. තාමත් මට ලෝක තරුණ දිනය කට සහභාගි වෙන්න ලැබිලා නෑ.

      ස්තූතියි ලිපිය කියෙව්වට.

      Delete
  2. මේකට සහභාගි වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම තරුණයෙක් වෙන්න ඕනා. අනිත් ඔක්කොම ඊට පස්සෙ.. හෙහ් හෙහ් :D

      Delete
    2. ප්‍රධාන වශයෙන් පල්ලියේ තරුණ සමිතිය හරහා මේකට සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම පදවි මට්ටමේ වගේම ජාතික මට්ටමෙන් සහභාගි වෙන්නත් පුළුවන්. ඊලඟ එක තියෙන්නේ 2016 පෝලන්තයේ. ඒකට යන්න ඕන නම් 2015 දී විතර පල්ලියේ පියතුමාගෙන් විස්තර දැනගන්න. මේකට සහභාගි වෙන අය අනිවාර්‍යයෙන්ම නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕනා.

      උත්තරේ ඇති කියලා හිතෙනවා. තව ප්‍රශ්න තියෙනව නම් අහන්න.

      මොකද කාලෙකින් පෝස්ට් එකක් නැත්තේ.

      Delete
  3. සහභාගි නොවුනත් දැනං නොහිටිය තොරතුරු ටිකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා ලිපිය කියෙව්වට. නොදන්න දෙයක් කියාදෙන්න ලැබීම ගැන සතුටු වෙනවා.

      Delete
  4. හරිම ආසාවෙන් ඉන්නේ මේ දේට සහභාගි වෙන්න,,,හරී කිවුවත් වගේ කොහොමද මේකට සහභාගි වෙන්නේ,,

    ReplyDelete
    Replies
    1. මම හරී ට කිව්ව එක බලන්න. හැබැයි ඩිලාන් ලා ඉතාලියේම ඉන්න හින්දා, ඩිලාන් ලා ගේ සංඝය භාර පියතුමා මාර්ගයෙන් තමා මේකට සහභාගි වෙන්න තියෙන්නේ. ඊලඟ එක පෝලන්තයේ හින්දා ඩිලාන් ලට නම් ලේසියෙන් යන්න පුළුවන් වෙයි.

      Delete
  5. ඔය වගේ එකක් ලාවට වගේ මතකයි.. අපිව ගන්න එකක් නැතිවෙයි නේද ? :D

    මම මේ ලඟදි දැක්කා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේව සාන්තුවරයෙක් කරන්න යනවා කියල. දැන් එහෙම කරලද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නලා පවුල් පන්සල් වෙලා හින්දා තමා පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ. හැබැයි උත්සවය ඉන්න තැනට ලඟ නම් පෞද්ගලීකව අයදුම් කරලත් යන්න පුළුවන් මම හිතන්නේ. මොකද මේ පාර එකට බ්‍රසීලේ සාමාන්‍ය මිනිස්සුත් ඇවිල්ලත් තිබ්බා. බලමු කවදා හරි ලංකාවට ලැබෙයිද කියලා.

      තාම සාන්තුවරයෙක් කරලා නෑ, හැබැයි පේන හැටියට නම් මේ අවුරුද්දේ අන්තිමට විතර කරයි වගේ.

      Delete
  6. හරිම සන්තෝශයි.සහභාගිවුන කෙනෙක් මේ අත් දැකීම් බෙදාගන්න එක ගැන.වරක් මගේ දුවව තේරුනා ජිනීවාහී MODEL UN GENERAL ASSEMBLY එකට.එයා මට කිව්වා ඒක ලොකු අත් දැකීමක් කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට. තාමත් මට මේකකට සහභාගි වෙන්න ලැබිලා නෑ. මේක ලිව්වෙත් ගිය අයගෙනුත් අහලා අන්තර්ජාලය හරහා විස්තරත් හොයාගෙනයි.

      සාමාන්‍යයෙන් අන්තර්ජාතික වැඩසටහනකට යන්න පුළුවන් වෙනවා කියන්නේ ලොකු දෙයක්. මොකද ඒකෙන් අපිට අනෙක් රටවල් වල අය සමඟ අදහස් බෙදාගන්න ලැබෙන හින්දා.

      Delete
  7. වැදගත් තොරතුරක් කලින් දැනගෙන හිටියෙනෑ. කුමන ආගමක වුනත් මෙවැනි සහද හමුවීම් තියෙන එක විවිධ ජාතින් හමුවිමට ඇති හොඳ අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. ස්‍තූතියි දයා අයියේ මේ පැත්තට ආවාට. ඒ වගේම නොදන්නා දෙයක් කියලා දෙන්න පුළුවන් වුණ එක සතුටක්. දයා අයියා කොහොමත් ගීත ලොවේ අපි දන්නෙම නැති තැන් වලට අපිව ගෙනියනවනේ.

      Delete
  8. මේක පැවැත්වෙන ස්ථාන තීරණය කරන්නේ කොහොමද ? ඒ ඒ නගරවලින් ඉල්ලුම් කරනවද එහෙමත් නැත්නම් පාප්තුමා තීරණය කරනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව්, එක එක නඟර වලින් ඉල්ලීම් කරනවා, ඊට පස්සේ ඒවලින් තමා පාප්තුමා තෝරගන්නේ මොන නඟරෙද ඊලඟ එක පැවැත්වෙන්නේ කියලා.

      Delete