Tuesday 6 August 2013

තුෂාරයේ අප ස්වාමි දූ


පාප්තුමා හිම වැටුන ප්‍රදේශය සළකුණු කිරීම
https://en.wikipedia.org/wiki/File:Masolino,_fondazione_di_santa_maria_maggiore.jpg

අද කතා කරන්න යන්නේ තුෂාරයේ අප ස්වාමි දූව ගැනයි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ගේ අම්මා වන මරිය තුමිය ට කොහොමද තුෂාරයේ අප ස්වාමි දූ නැත්නම් Our Lady of Snows කියන නම හැදුනේ කියන එක.

4 වන සියවසේ සිටි රෝම වංශාධිපති ජෝන් ට සහ ඔහු ගේ බිරිඳ ට දරුවන් නොසිටි නිසා, දරුවන් බලාපොරොත්තුවෙන් මරිය තුමිය ගේ මැදිහත්කම අයැද සිටියා. ඒ වෙනුවෙන් තමන් ගේ දේපළ ද පරිත්‍යාග කරන බවට පොරොන්දු වී, ඒ දේපළ මරිය තුමිය වෙනුවෙන් කෙසේ පරිත්‍යාග කරන්නේ දැයි ලකුණක් පෙන්වන ලෙස එතුමියගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අනුව ක්‍රි.ව. 358 අගෝස්තු 4 වන දින රාත්‍රියේ සිහිනයකින් ඔවුන් දෙපළට ද, එවකට පාප්තුමා වුණ ලිබේරියුස් පාප්තුමා ට ද (Pope Liberius) දර්ශනය වී එදින රාත්‍රියේ හිම වැටෙන ප්‍රදේශයේ දේවස්ථානයක් ගොඩනඟන ලෙස මරිය තුමිය ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 4-5 දෙදින අතර රෝමයේ එස්කුයිලිනේ (Esquiline) කන්දේ ප්‍රදේශයකට හිම පතනයක් සිදුවී තිබුණා. මේ වසරේ ග්‍රීෂ්ම සෘතුවයි ගෙවෙමින් තිබුණේ. 

මෙම ස්ථානයට පෙරහැරින් පැමිණි පාප්තුමා හිම වැටුණ ප්‍රදේශය සළකුණු කර එහි දේවස්ථානය ගොඩනඟන්න නියෝග කළා. ඒ අනුව ජෝන් වංශාධිපතියා ගේ මුදල් වලින් මේ ස්ථානයේ පළවෙනි දේවස්ථානය ගොඩනැඟුවා.

විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් අද අපට දකින්න ලැබෙන මරියා මජ්ජෝරේ බැසිලිකාව යි (The Papal Basilica of Santa Maria Maggiore) මේ ගොඩනඟපු දේවස්ථානය. මෙම බැසිලිකාව රෝමයේ ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක්.

මරියා මජ්ජෝරේ බැසිලිකාව
https://en.wikipedia.org/wiki/File:SantaMariaMaggiore_front.jpg

මෙම ප්‍රාතිහාර්‍යයාත්මක හිම පතනය සිහි කරමින් සෑම වසරකම අගෝස්තු 5 වන දින උදෑසන දිව්‍ය පූජාව සහ සවස සැඳෑ යැදුම (Vespers) අතරතුර බැසිලිකාව උඩ සිට සුදු මල් පෙති ඉසිණු ලබනවා.

මල් පෙති ඉසීම

බිම වැටී ඇති මල්පෙති



මූලාශ්‍ර:

11 comments:

  1. අදමයි මේ කතාව ඇහුවේ.. බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මමත් මේ අවුරුද්දේ මුල තමා දැනගත්තේ මේ ගැන. ඊටපස්සේ හිතාගත්තා අගෝස්තු 5 මේක බලන්න යනවා කියලා. ඒ ගිහිල්ලා ඉවර වෙලා තමා මේ පෝස්ට් එක දැම්මේ වීඩියෝ එකත් එක්ක.

      Delete
  2. හික්ස් අදමයි මේ බැසිලිකාවේ විස්තරේ ඇහුවේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී ගොඩාක් දෙනෙක් මේ විස්තරේ දන්නේ නෑ. මම දැනගෙනත් වැඩි කාලයක් නෑ.

      Delete
  3. නියම කතාවක්නේ මේක. එතකොට මේ බැසිලිකාවේ විශේෂ පූජනීය වස්තු මොනවත් තැන්පත් කරලා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මේ බැසිලිකාවේ තියනවා ජේසුතුමා ඉපදුන ගවඔරුවේ කොටසක්, ඊට අමතරව ශු. ලූක් තුමා (ජේසුතුමා ගේ ජීවිත කතාව ඇතුලත් බයිබලයේ සුවිශේෂ 4න් එකක් ලියලා තිබෙන්නේ මෙතුමා) ඇඳපු මරිය තුමිය ගේ චිත්‍රයක්(මම කලින් ලෝක තරුණ දිනය ලිපියේ සඳහන් කරපු දේවමෑණියන් ගේ පින්තූරේ මේකේ පිටපතක්).

      Delete
    2. ජේසුතුමා සම්බන්ධ පූජනීය වස්තු ගොඩාක් හොයන්න ජෙරුසලමට ගිහින් ඒවා හොයාගත්තේ කියන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජයා අම්මා වුණු හෙලේනා රැජිණ නේද ? එතුමියද මේ ගව ඔරුවේ කොටසත් හොයාගෙන තියෙන්නේ ?

      මේවා සාමාන්‍ය ජනතාවට බලන්න පුලුවන්ද ?

      Delete
    3. ඔව් සාන්ත හෙලේනා මුනිතුමිය තමයි මේ දේවල් ගොඩාක් හොයාගෙන තියෙන්නේ. මේකත් එතුමිය තමයි.

      ඔව් මේවා සාමාන්‍ය ජනතාවට බලන්න පුළුවන්. මට ඒකේ හරි ෆොටෝ එකක් ගන්න බැරිවුණා. ඉස්සරහට බලමු, මොකද මම මේ බැසිලිකාව ගැන විස්තරාත්මක ලිපියක් ලියන්න ඉන්නේ. ඒකෙදි සේරම කරුණු කියන්නම්.

      Delete
    4. ස්තුතියි සහෝදරතුමා විස්තරවලට :)

      Delete
  4. ඉතින් ළමයෙක් ලැබුනද ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මේ ප්‍රශ්ණෙ කවුරු හරි අහයි කියලා.

      මේ ගැන කොහේවත් සඳහන් වෙලා නෑ.

      Delete