Saturday 28 November 2015

ආගමන මල් කළඹ




ජනවාරි 01 වෙනිදා පටන් ගෙන දෙසැම්බර් 31 අවසන් වන වර්ෂයට අමතරව කතෝලිකයන්ට තවත් වර්ෂයක් තිබෙනවා. ඒ වර්ෂයට අපි කියනවා "ජනවන්දනා වර්ෂය" කියලා. මේ ගැන වැඩි විස්තර මෙතැනින් දැනගන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ මේ ජනවන්දනා වර්ෂය ආරම්භයේ භාවිතා කරන විශේෂ දෙයක් පිළිබඳව. මම පෙර සඳහන් කළ ලිපිය කියෙව්වා නම් ඔබ දැනගන්න ඇති, ජනවන්දනා වර්ෂය ආරම්භ වන්නේ ආගමන සමයෙන් කියලා. මේ ආගමන සමය නත්තල දක්වා සති 4ක් පුරාවට දිව යනවා. මේ එක් එක් සතියේ සහ නත්තලේ විශේෂත්වය පෙන්වන්න යොදා ගන්න දෙය තමයි "ආගමන මල් කළඹ."

මම මුලින්ම මෙහි සැකසුම ගැන කතා කරන්නම්. මෙය කොළ පැහැයෙන් සරසන ලද රවුමක්. මෙම රවුමේ ඉටිපන්දම් 4 ක් ද, මැද එක ඉටිපන්දමක් ද හැටියට ඉටිපන්දම් 5 ක් සවි කර තිබෙනවා. මැද ඉටිපන්දම සුදු පැහැයෙනුත්, අනෙකුත් ඉටිපන්දම්, දම් පැහැති 3 ක් ද, රෝස පැහැති එකක් ද වශයෙන් සමන්විත වෙනවා. මේ ඉටිපන්දම් ඉරිදාවල් 4 දීත්, නත්තල් දිනයේ ත් දල්වනවා.

දැන් බලමු මොනවාද මෙහි තිබෙන විශේෂතා වගේම එක එක දිනයේද දල්වන්නේ මොන ඉටිපන්දම ද කියලා.

1 වන ඉරිදා (දම්) - දිවැසිවර ඉටිපහන හෝ බලාපොරොත්තුවේ ඉටිපහන

දෙවියන් වහන්සේ විශ්වාසවන්ත නිසා අපට උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබා ගන්න පුළුවන්. උන්වහන්සේ අපට දුන් පොරොන්දු ඉෂ්ඨ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (රෝම 15: 12-13)

2 වන ඉරිදා (දම්) - බෙත්ලෙහෙම් ඉටිපහන හෝ සූදානමේ ඉටිපහන (ආදරයේ ඉටිපහන)

බෙත්ලෙහෙමේ උපත ලබන ගැලවුම්කරු ගැන දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ඨ කළා. (ලූක් 3: 4-6)

3 වන ඉරිදා (රෝස) - එඬේර ඉටිපහන හෝ ප්‍රීතියේ ඉටිපහන

දේවදූතයන් ප්‍රීතියේ පණිවුඩය ප්‍රකාශ කළා. (ලූක් 2: 7-15)

4 වන ඉරිදා (දම්) - දේවදූත ඉටිපහන හෝ සාමයේ ඉටිපහන

දේවදූතයන් ගැලවුම්කරුවාණන් ගේ පැමිණීම ප්‍රකාශ කළා. අපට ඇති ආදරය නිසා අපව පාපයෙන් මුදව ගන්න ගැලවුම්කරු පැමිණියා. (ජුවාම් 3: 16-17)

නත්තල් දින (සුදු) - ක්‍රිස්තු ඉටිපහන

පිවිතුරු බවේ සළකුණ වන ක්‍රිස්තු තුමන්වද, අපේ පාපි ජීවිත පිරිසිඳු කරන්නට උන්වහන්සේ ගේ පැමිණීම ද සිහි කරනවා. (ජුවාම් 1: 29)


එමෙන්ම රවුම් හැඩය මඟින් දෙවියන් වහන්සේ ගේ සදාතනික බව ද, ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට පොරොන්දු වූ සදාතනික ජීවිතයද, හරිත වර්ණයෙන් ජීවිතයද නිරූපණය වෙනවා.

අද දිනයෙන් (නොවැම්බර් 29 ඉරිදා) ආරම්භ වෙන ආගමන සමයේ, ඔබ කතෝලික දෙව්මැදුරක් තුළට ගියොත් ඔබට මේ ආගමන මල් කළඹ දැකගත හැකි වෙනවා.


2 comments:

  1. බොහෝම ස්තුතියි මේ ලිපියට.

    මම එදා ඒ කිව්වෙ මේ පාර ආගමන කාලය පටන්ගත්තු දවසෙ ගියේ ලතින් ත්‍රිදෙන්ත්‍රියානු පූජාවකට. එතන නම් මේ මල් කළඹ තිබුනෙ නෑ. ඒවගේම ආගමන කාලයේ පටන් ගැන්ම දුක්මුසු කාලයක් කියලත් ඒ පියතුමා සඳහන් කළා. ඒක නිසා ඒ පූජාවේදි 'ග්ලෝරියා' කියන්නෙ නෑ කිව්වා. ඒ වගේම 'ආලේලුයියා' කිව්වා කියලා මතකයකුත් නෑ.

    ආගමන මල් කළඹ කොයි කාලෙ වගේද එකතුවෙලා තියෙන්නෙ?

    ReplyDelete
  2. Black Titanium Wedding Band | Titanium Arts
    Black ford escape titanium Titanium Artwork. Black Tribute titanium white octane blueprint is titanium uses a tribute to titanium astroneer the rock band and the titanium gr 2 original rock band.

    ReplyDelete